29 C
Colombo
Sunday, May 5, 2024

නාමල් කියපු දේ නිසා මට පාරෙ බැහැලා යන්න බෑ..! – මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි

- Advertisement -

මෙරට මලල ක්‍රීඩිකාවක් ක්‍රීඩා පාවහන් යුගලය ගෙදර තියා ඔලිම්පික් උළෙලට සහභාගි වීමට ටෝකියෝ නුවර බලා ගිය බවට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි පවසනවා.

ලංකාදීප පුවත්පත සමඟින් අදහස් දක්වමින් ඇය පවසන්නේ කවුරුන් හෝ ක්‍රීඩා ඇමැතිවරයා නොමග යවා ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ ලංකාවේ එකම මලල ක්‍රීඩිකාව වන නිමාලි ලියනආරච්චි,

“මම තරගවලට පාවිච්චි කරන එකම ක්‍රීඩා පාවහන් යුගලය අරන් ගිහින් තමයි ටෝකියෝ ඔලිම්පික් උළෙලට තරග වැදුණේ. එතන සිද්ධ වුණු දේ තමයි මම මගේ සල්ලිවලින් ක්‍රීඩා පාවහන් දෙකක් ජපානයෙන් මිලදී ගන්න උත්සාහ දරලා බැරි වුණාම ජාතික ඔලිම්පික් කමිටුවෙන් මම ඉල්ලීමක් කළා ඒකට මට උදව් කරන්න, මම සල්ලි දෙන්නම් කියලා.

මේ ගැන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය, ජාතික ඔලිම්පික් කමිටුව කළ ප්‍රකාශ ගැන කියන්න මම දන්නේ නෑ. මට කියන්න තියෙන්නේ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් මා අසරණ වුණා

දැන් මට පාරේ බැහැලා යන්න බෑ. මිනිස්සු ඒ ගැන මගෙන් අහනවා. ෆේස්බුක් එකේත් බොහෝ අය මම ආණ්ඩුවේ සල්ලි කාබාසිනියා කළා කියලා චෝදනා කරලා තිබ්බා. රට වෙනුවෙන් පදක්කම් ගණනාවක්ම දිනා දෙන්න කැපවුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් හැටියට මම මේ සිද්ධියෙන් ගොඩක්ම කලකිරීමට පත්වුණා.

ඔලිම්පික් නෙමෙයි ලෝකෙ කොතැනක තිබෙන තරගවලට සහභාගි වුණත් මම පළමුව කරන්නේ මගේ ක්‍රීඩා පාවහන් දෙක සූදානම් කරගැනීමයි. ඒ වගේම මම පිටරට යනකොට පුරැද්ද වෙලා තිබෙන්නේ මගේ ක්‍රීඩා පාවහන් දෙක අතේ අරගෙන යන බෑග් එකක අරගෙන යාමටයි. ඒකට හේතුව ක්‍රීඩා පාවහන් දෙක නැතුව මට තරග වදින්න බැරි හින්දයි.

මම ජපානයට ගිය වෙලාවෙ උත්සාහ කළේ එරටින් වඩා උසස් තත්ත්වයේ ක්‍රීඩා පාවහන් දෙකක් මිලදී ගන්නයි. නමුත් ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයේ නිරෝධායන නීති රීති එක්ක මට එළියට ගිහින් ඒ දේ කරගන්න අවසර ලැබුණේ නෑ. ඒ හින්දා මම ඇවිත් හිටපු ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළා. මම සල්ලි දෙන්නම් මට ඔයාලාවත් මැදිහත් වෙලා ක්‍රීඩා පාවහන් දෙකක් ගන්න උදව් කරන්න කියලා.

සිද්ධ වුණේ ඒකයි. මම අරන් ගිය ක්‍රීඩා පාවහන් දෙක දාගෙන තමයි මම ටෝකියෝ ඔලිම්පික් මීටර 800 කාන්තා ඉසව්වට දිව්වේ. අවාසනාවකට මට මූලික තරගයේ හොඳට දුවන්න බැරි වුණා. සමහරැ අහනවා කතාව බොරැවක් නම් ඇයි නිශ්ශබ්දව ඉන්නේ කියලා.

ක්‍රීඩා ඇමැතිවරයා ඒ ප්‍රකාශය කළේ පාර්ලිමේන්තුවේදී. මම නිහඬව ඉන්නවා ඇරෙන්න මම පාර්ලිමේන්තු ගිහින් ඒකට උත්තර දෙන්න ද?

ක්‍රීඩා ඇමැතිතුමා අපට ටෝකියෝ ඔලිම්පික් උළෙලට යන්න සියලු පහසුකම් දුන්නා. අපිට ටෝකියෝ යන්නත් කලින් කොළඹ තරැ පහේ හෝටලයක නවත්තලා නිරෝධායනය වෙන්න අවශ්‍ය පහසුකම් සියල්ලත් ලබාදුන්නා. ඒ ගැන නාමල් රාජපක්‍ෂ මහතාට අපි කෘතඥ වෙනවා.

ඒත්, ඇමැතිවරයා කියලා තිබ්බා ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග සංචාර විනෝද සවාරි කරගෙන යනවා කියලා. එතුමා පුහුණුකරැවන් ගැනත් කතා කරලා තිබ්බා. ඒ අය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරවන්නේ ජාතික මට්ටමේ ජයග්‍රහන සඳහා පමණයි කියලාත් එතනදී කියලා තිබ්බා.

නමුත් මේ රටේ පුහුණුකරැවන් වෙතින් පුහුණුව හදාරලා ජාත්‍යන්තර පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බොහෝ දෙනෙකුත් ඉන්නවා.”

මේ වන විට 31 හැවිරිදි වියේ පසුවන නිමාලි ලියනආරච්චි විශේෂ ප්‍රසාද ලකුණු ක්‍රමයෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට අවසන් මොහොතේදී නිර්දේශ ලබාගැනීමට සමත් විය.

ආසියානු ශූරතා හා සාග් රන් පදක්කම්ලාභිණියක්වන නිමාලි 2017 දී ඉන්දියාවේ බහුබන්සවර්හිදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවයි. අවසන් වරට ඇය 2019 පැවැති ලෝක ආරක්ෂක හමුදා ක්‍රීඩා උළෙලේදී මීටර 800 (කාන්තා) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් අතර එහිදී මීටර 400×4 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා සහාය දිවීමේ කණ්ඩායමටද ඇතුළත් විය.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ නිමාලි එහිදී මීටර 800 (කාන්තා) ඉසව්වෙන් තරග වැදුණු නිමාලි දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වූ අතර, මූලික වටයේ ඇගේ තරග නිමි කාලය විනාඩි 2 තත්පර 10.23 කි. ඇය ටෝකියෝ නුවර සිට දිවයිනට පැමිණියේ පසුගිය 31 වැනිදායි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...