25 C
Colombo
Monday, April 29, 2024

කැබිනට් ප්‍රකාශක කිව්වෙ බොරු – ශෂීන්ද්‍රගෙන් ප්‍රතිචාර

- Advertisement -

පෙරේදා (10) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කළ ප්‍රකාශයක් අසත්‍ය බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

කාබනික කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය කිසිසේත්ම අවසරයක් ලබාදී නොමැති බවයි ඒ මහතා පවසන්නේ.

2021 – 22 මහ කන්නය සඳහා කාබනික පොහොර හා කීලේටඩ් අංශු මාත්‍ර ශාඛ පෝෂක ආනයනය කිරීම සඳහා ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවත් ඒ වෙනුවෙන් දේශීය කාබනික පොහොර නිෂ්පාදනයෙන් සම්පූර්ණ අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි බැවින් මෙම විශේෂිත පොහොර කාබනික පොහොර හැටියට රටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යෑමට කැබිනට් අනුමැතිය ගරු කෘෂිකර්ම ඇමතිතුමාට ලබාදී ඇති බවත් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඊයේ (11) දින අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසා සිටියේ එවැනි කිසිඳු අවසරයක් කැබිනට් මණ්ඩලය ලබාදී නොමැති බවයි.

මේ වනවිටත් ගොවි ජනතාව සහ අනෙකුත් මහා පරිමාණ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදකයින් නයිට්‍රිජන් ප්‍රතිශතය අවම වශයෙන් 1%ක් වූත් කාබනික ඝන පොහොර නයිට්‍රිජන් ප්‍රතිශතය 3%ක් වූත් පොහොර නිෂ්පාදනය කිරීමත් ආරම්භ කර ඇති බවත් ආනයනය කිරීමට අවසරය ලබාදුන්නේ ස්වාභාවික ශාඛ පෝෂක මගින් නිපදනවන ලද නයිට්‍රිජන් නිස්සාරකයක් බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම, දේශීයව නිෂ්පාදනය කරන කාබනික පොහොර සමග මේ නයිට්‍රිජන් නිස්සාරකය භාවිතා කරලා මේ මහ කන්නයට අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාව ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානමෙන් ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.

No photo description available.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...