29 C
Colombo
Saturday, May 4, 2024

යූටියුබ් රසිකයන් මිලියනයක් පසුකළ පළමු ශ්‍රී ලාංකික සංගීත ශිල්පිණිය

- Advertisement -

නවක තරුණ ගායන ශිල්පිණියක් වන යොහානි විසින් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නව වාර්තාවක් සනිටුහන් කරමින් යූටියුබ් රසිකයන් මිලියනයක් රැස් කර ගැනීමට සමත්ව තිබෙනවා.

මීට මාස 2කට පමණ පෙර ඇයගේ youtube channel එක සතුව 300,000ක පමණ subscribers ප්‍රමාණයක් පැවති අතර මේ වන විට එම ගණන මිලියන 1.01ද පසුකර ගොස් හමාරයි.

ඇයගේ මෙම ගමණයට විශාල රුකුලක් ලැබුනේ ජාත්‍යන්තරය ආදරයෙන් වැළඳගත් “මැණිකේ මගේ හිතේ” ගීතයයි.

ජනප්‍රිය නවක ගායන ශිල්පී සතීෂාන් 2020 වසරේ එළිදැක්වූ ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට නව ආරක් එක් කරමින් යොහානි සමඟ නැවත වීඩියෝවක් එළිදැක්වූයේ මීට මාස 2කට උඩදීයි.

ඉතාම කෙටි කලකින් යූ ටියුබ් වෙබ් අඩවියේ නැරඹුම් වාර මිලියන 36ක් පසු කිරීමට එම ගීතයට හැකිවූයේ දෙස් විදෙස් රසික ප්‍රතිචාර රැසක් ලබාගනිමින්.

මේ අතර ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී අමිතාබ් භච්චන් ද එම ගීතය පිළිබඳව සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබීමත් සමඟ එම අවධානය තවත් තීව්‍ර වූ අතර ඉන්දීය මාධ්‍ය විසින්ද ඒ සම්බන්ධයෙන් වාර්තා කළා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...