29 C
Colombo
Saturday, May 4, 2024

වෛද්‍ය නජිත් ඉන්දික හමුවීමට කලින් ආවේ CID එකෙන්දැයි හොයන්න CID එකෙන් එයි

- Advertisement -

අවිස්සාවේල්ල රෝහලේ සේවය කරන වෛද්‍ය නජිත් ඉන්දික මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැමිණ තිබෙනවා.

ඒ මීට පෙර ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පැමිණියේ සත්‍ය වශයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක්දැයි දැනගැනීමටයි.

අවිස්සාවේල්ල රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී නජිත් ඉන්දික මහතා මුහුණ දුන් අත්දැකීම් කිහිපයක් සටහනක් ලෙස තැබීම හේතුවෙන් ඒ පිළිබදව ප්‍රශ්න කිරීම සඳහා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු පැමිණ ඔහුගේ මානසික තත්ත්වය පරික්ෂාකිරීමට සූදානම්වී තිබුණා.

කෙසේ වෙතත් ඊයේ (18) පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා පවසා ඇත්තේ ඔවුන් දැනුවත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙකු එලෙස ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා එවා නොමැති බවයි.

යම් කිසි පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි තමන්ව හදුන්වා දෙමින් විවිධ තැන්වලට ගොස් ඇතිකරන ලද සිදුවීම් පිළිබදව අවස්ථා කිහිපයකදීම වාර්තා වී ඇති බවත් ඒ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බවත් එම නිලධාරියා පවසා තිබෙනවා.

ඊට අදාළව කෙරෙන විමර්ශනය සඳහා වෛද්‍ය නජිත් ඉන්දික මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට තමන් පැමිණි බවද මෙම නිලධාරියා පැවසූ බව නජිත් ඉන්දික මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ එදා පැමිණියේ තමන් විසින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි පවසමින් රෝහලේ තැන් කීපයකදීම තමන්ව හඳුන්වා දුන් ආරක්ෂක නිළධාරීන් බවත්, තමන්ට අමතරව බොහෝ රෝහල් සේවකයන්ට ඔවුන් කතා කොට තිබූ බවත්, ඔවුන් “බුද්ධි අංශ නිළධාරීන්” බවට තහවුරු කරගත හැකිබවත්, ඔවුන් අයත් වන්නේ CID ද රාජ්‍ය බුද්ධි සේවයටද, පොලිසියටද, වෙනත් “ඉන්ට්” එකකටද යන්න තමන්ට අදාළ කාරණයක් නොවන බවත්‍ ය.

කෙසේ නමුත් එම සිදුවීම තුළින් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට හා නිදහසට බාධාවක් එල්ල වුණු බවත්, ඒ සම්බන්ධයෙන් තමන් විරෝධය ප්‍රකාශ කරන බවත් වෛද්‍ය නජිත් ඉන්දික මහතා ඊයේ පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා වෙත පවසා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...