27 C
Colombo
Tuesday, May 7, 2024

සෞඛ්‍ය සේවකයින් හිඟ නම් කොවිඩ් රෝගීන් වෙනුවෙන් ස්වෙච්ඡා සේවයට මම සූදානම් – ඕෂධී

- Advertisement -

සෞඛ්‍ය සේවකයන්ගේ හිඟයක් ඇති වුවහොත් කොවිඩ් රෝගීන් වෙනුවෙන් ස්වෙච්ඡා සේයව සඳහා තමන් සූදානම් බව රංගන ශිල්පිනි ඕෂධි හේවාමද්දුම මහත්මිය පවසනවා.

ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ෆේස්බුක් පරිශීලකයන්ගෙන් විමසා තිබුණේ එම කාර්යය සදහා ඔවුන් සූදානම්ද යන්නයි.

කෙසේවෙතත් මේ වන විටත් සෞඛ්‍ය සේවකයින් රැසක් කොවිඩ් 19 වෛරසයට ගොදුරුව පැවතීමත්, රෝහල් ධාරිතාවය ඉක්මවා රෝගීන් නේවාසික ප්‍රතිකාර සඳහා යොමුවීමත් නිසා දැඩි ලෙස සෞඛ්‍ය සේවයකන්ගේ හිඟයක් පවතිනවා.

මේ හේතුවෙන් එම රෝහල්වල ස්වෙච්ඡා සේවය සඳහා ඕෂධී හේවාමද්දුම මහත්මියට උවමනාවටත් වඩා අවස්ථාව පවතින බව ඇයගේ ෆේස්බුක් සටහනට අදහස් දක්වමින් බොහෝ දෙනා සදහන් කර තිබුණා.

ඕෂධී හේවාමද්දුම මහත්මිය පසුගිය මහමැතිවරණයේදී වියත්මග නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදුණා.

එහෙත් ඇය එම දිස්ත්‍රික්කයෙන් පරාජයට පත්වූ අතර ඇයට ලබාගත හැකිවූයේ මනාප 10,957 ක් පමණයි.


RECENT ARTICLES - SINHALA

මන්නා රමේෂ්ව දිවයිනට රැගෙන එයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් 'මන්නා රමේෂ්' දිවයිනට රැගෙනවිත් තිබෙනවා. අද (07) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්...

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....