25 C
Colombo
Monday, April 29, 2024

පොට්ට නවුෆර්ට කොරෝනා

- Advertisement -

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැරැදිකරු වී මරණ දඬුවම නියම කර සිටින පොට්ට නවුෆර් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් පරීක්ෂණ කටයුත්තක් සඳහා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන විත් තිබුණා. එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු බවයි බූස්ස බන්ධනාගාරය පවසන්නේ.

ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර ඇති බවත් වාර්තා වනවා.

2004 වසරේ නොවැම්බර් 19 වන දින නිවසේදී, අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරී උපාලි බණ්ඩාර යන අය, මිනීමරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලට ගොදුරු වීම නිසා ජීවිතක්ෂයට පත්විය. මේ සමය වන විට අඹේපිටිය මහතා මහාධිකරණයේ වූ ජ්‍යේශ්ඨ විනිසුරුවරයෙකු වූ අතර, ඔහු අභියාචනාධීකරණය වෙත දක්වා උසස් කිරීමට අපේක්ෂිතව සිටි බව සඳහන්ය.

ඝාතනයට ලක්වීමට පෙර දින, එනම් ඔහුගේ 58 වන ජන්ම දිනය යෙදී තිබීම වෙනුවෙන් අඹේපිටිය මහතා එදින කැලණිය රජ මහා විහාරය වන්දනා කල බව පැවසෙයි. එවක අගවිනිසුරුවරයා විසින් අඹේපිටිය මහතා “අධිකරණ ක්ෂේත්‍රය තුල සිටි එඩිතර නිලධාරියෙකු බවත්, ඔහුගේ මරණය අධිකරණයට වූ විශාල පාඩුවක්” යනුවෙනුත් ප්‍රකාශයක් සිදුකරන ලදී.

අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෝ පස් දෙනෙකු චූදිතයන් වූ අතර, ඊට ඝාතනයේ මහ මොළකරු වශයෙන් සැලකූ මොහමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වෙත ඝාතනය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවද; සුජිත් රෝහණ රූපසිංහ, සුමින්ද නිශාන්ත, උදාර පෙරේරා සහ ලසන්ත කුමාර යන අනෙකුත් පිරිස වෙත ඝාතනය ක්‍රියාවට නැංවීම යන චෝදනාවද එල්ල වන ලදී.

අධි ආරක්ෂාව මධ්‍යයේ පැවති මාස 3 ක නඩු විභාගයකින් අනතුරුව 2005 ජූලි 4 වන දින, මහාධිකරණය විසින් ඒකමතිකව චූදිතයන් පස් දෙනා අඹේපිටිය මහතා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධව වරදකරුවන් බවට පත් කරමින් මරණ දණ්ඩනය නියම කරන ලදී

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...