30 C
Colombo
Saturday, May 4, 2024

බීබීසී මාධ්‍යවේදියාගෙන් පැය 2ක් ප්‍රශ්ණ කරයි

- Advertisement -

බීබීසී මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර් මහතාගෙන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමට අනුයුක්ත පොලිස් ඒකකය මගින් නොවැම්බර් 24 වන දින ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.

 ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ඔහු කළ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන්ය. බීබීසී සිංහල සේවයේ විඩීයෝ මාධ්‍යයෙන් සිදු කළ අදාල සංවාදය කොමිසම හමුවේ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව නැගුනු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන් පැවසූ දෑ විකෘති කරමින් අදාල වැඩසටහන සංස්කරණය කර ඇති බවය.

එමෙන්ම අදාළ සංවාදය සිදුකළ මාධ්‍යවේදියා මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කරමින් කටයුතු කළ බවත් මෛත්‍රිපාල සිරිසේන එහිදී පවසා ඇත. ඒ අනුව අදාල මාධ්‍යවේදියාව කොමිසමේ පොලිස් ඒකකයට කැඳවා ඇත.

සිරිසේන මහතාගේ අදාල ප්‍රකාශයෙන් අනතුරුව අදාල මාධ්‍යවේදියාගෙන් ඒ පිළිබඳව පැය 2ක් පමණ ප්‍රශ්ණ කර ඇත.එහිදී ඔහු පවසා ඇත්තේ සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශ කිසිදු විකෘති කිරීමකින් තොරව, ඉතා වගකීමෙන් සමාජ ගත කළ බවය. ඉන්පසුව අදාල පොලිස් ඒකකයෙන් ප්‍රශ්ණ කර ඇත්තේ  මෙම සාකච්ඡාව අතරතුර දී හෝ අවසානයේ දී හිටපු ජනාධිපතිවරයා යම් කේන්ති ගැනීමක් හෝ අමනාප වීමක් සිදු වුණාදැයි ප්‍රශ්න කර තිබිණ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, පාස්කු ප්‍රහාරයට අදාළ ප්‍රශ්නය විමසන අවස්ථාවේ දී කිසියම් නොසන්සුන්තාවයක් පෙනෙන්නට තිබුණද කිසිදු අමනාපයක් හෝ කේන්ති ගැනීමක් හිටපු ජනාධිපති සිරිසේන පෙන්නුම් නොකළ බවය.

අදාල සාකච්ඡාව

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...