33 C
Colombo
Thursday, May 2, 2024

ඉන්දියාව රාජ්‍ය දේපළ රැසක් වසර හතරකට බදුදෙයි

- Advertisement -

මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් තොටුපල, ක්‍රීඩා සංකීර්ණ, විදුලි සම්ප්‍රේෂණ පද්ධති සහ ගෑස් බෙදාහැරීමේ නල පද්ධති ඇතුළු රාජ්‍ය දේපළ රැසක් පෞද්ගලික අංශය වෙත බදුදීමට ඉන්දියාව තීරණය කර තිබේ.

වර්ෂ හතරක කාලයක් සදහා අදාළ දේපලවල කළමනාකරණය පෞද්ගලික අංශයට පැවරීමට නියමිත අතර එමගින් උපයා ගැනීමට අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 81 කි.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක රජය අතිශයෙන්ම අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ ක්‍රියාවන් සුලු ප්‍රමාණයකට පමණක් දායක වී සෙසු සියල්ල පෞද්ගලික අංශය වෙත පැවරීමේ වැඩපිලිවෙළ යටතේ මෙය ක්‍රියාත්මක වේ.

මෙහිදී තවමත් සම්පූර්ණයෙන්ම පාහේ රාජ්‍ය අංශය යටතේ ක්‍රියාත්මක දුම්රිය සේවය සදහා සැළකිය යුතු ලෙස පෞද්ගලික අංශයේ ආයෝජන සහ දායකත්වය ලබා ගැනීමට ප්‍රමුඛත්වයත් හිමිවන බවද සදහන් වේ.

මෙම වැඩපිලිවෙළ එළිදක්වමින් මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සදහන් කළේ මෙම සියලු සම්පත්වල අයිතිය රජය සතුවන අතර කළමනාකරණය පමණක් නිශ්චිත කාලසීමාවක් සදහා පෞද්ගලික අංශයට භාරදෙන බවයි.

RECENT ARTICLES - SINHALA

වැඩි කළ වතු කම්කරුවන්ගෙ වැටුපට කණ කොකා හඩන ලකුණු

වතු කම්කරුවෙකුගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මගින් පසුගිය 30 වැනිදා දින නිකුත් කර ඇති අංක 2382/04 අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කර...

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

ලබන 6 වනදා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂයන් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිද්දා (04)  විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එම...

මැණික්හින්න රෝහලේ වෛද්‍යවරයාට ඇප

මැණික්හින්න රෝහලේ පසුගිය 28 වනදා ඇති වූ ගැටුමෙන් අනතුරුව පොලීසිය විසින් අත්ඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා මත මුදා හැර තිබෙනවා. මැණික්හින්න රෝහලට හදිසි රෝගී තත්ත්වකයට ප්‍රතිකාර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...