33 C
Colombo
Saturday, May 4, 2024

කොවිඩ් ප්‍රතිදේහ ශරීර නිපදවන සත්ව විශේෂයක්..!

- Advertisement -

ලාමා නම් සත්ත්වයන්ගේ ශරීර තුල නිපදවෙන ප්‍රතිදේහ මඟින් COVID-19 වෛරසය සහ එහි ප්‍රභේද දුර්වල කරන බව කරන බව සොයාගෙන ඇතැයි New York Daily News වාර්තා කරනවා.

ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්ට එන්නත් ලෙස ලබා දීමට සහ වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීම යන කාරණා දෙකම මේ හරහා ඉටු කර ගත හැකි වෙතැයි විද්‍යාඥයන් අපේක්ෂා කරනවා.

මේ සම්බන්ධයෙන් මානව සායනික අත්හදා බැලීම් ද ආරම්භ වී ඇති බවයි පැවසෙන්නේ.

‘වින්ටර්’ නම් ලාමා කෙනෙකුගෙන් ලබා ගන්නා ප්‍රතිදේහ SARS-CoV-2 සහ එහි ප්‍රභේද වල ක්‍රියාකාරීත්වය අඩාල ඇති කර ඇති බව බෙල්ජියමේ වෛද්‍ය ජෛව තාක්‍ෂණ ආයතනයක සිදුකරන ලද පර්යේෂණයන්ගෙන් පෙන්නුම් කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා.

මෙම පර්‍යේෂණ සාර්ථක වුවහොත්, මෙය කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීම සම්බන්ධවත්, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහාත් වන සුවිශේෂි සොයාගැනීමක් වනු ඇති බව එක්සෙවිර් හි ප්‍රධාන වෛද්‍ය නිලධාරි ඩොමිනික් ටර්සාගෝ රොයිටර් පුවත් සේවයට පවසයි.

RECENT ARTICLES - SINHALA

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...