27.9 C
Colombo
Tuesday, April 30, 2024

බලහත්කාරකම් කරන බවට කමලා හැරිස්ගෙන් චීනයට චෝදනා

- Advertisement -

චීනය දකුණු චීන මුහුදේ විශාල ප්‍රදේශයක බලය තහවුරු කර ගැනීම සදහා ආක්‍රමණකාරී හැසිරීමක නිරත වන බවට ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් චෝදනා කරයි.

ඇය සදහන් කරන්නේ මෙම බාධාකාරී සහ බලහත්කාරී හැසිරීමට එරෙහිව කලාපයේ රටවල් සමග එක්ව කටයුතු කිරීමට ඇමරිකාව සූදානම් බවයි.

සිංගප්පූරුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමරිකානු උප ජනාධිපතිවරිය තවදුරටත් සදහන් කළේ කලාපයේ සෙසු රටවල් සම්පූර්ණයෙන්ම නොතකා හරිමින් චීන සිය බල ව්‍යාප්තිය සිදුකරමින් සිටින බවයි.

සම්පත් බහුල දකුණු චීන මුහුදේ අයිතිය හිමි රටවල් අතර චීනය, පිලිපීනය, ඉන්දුනීසියාව, මලයාසියාව, වියට්නාමය, බෲනායි මෙන්ම තායිවානය ද වේ.

මෙම රටවලට අයත් අනන්‍ය ආර්ථික කලාපයන් මෙන්ම ජාත්‍යන්තර මුහුදේ ද බලය අන්තර්ජාතික නීති සහ රීතිවලට පටහැනිව යමින් තමන් වෙත නතු කරගැනීමට චීනය කටයුතු කරන බවට දිගුකලක සිට චෝදනා එල්ල වී තිබේ.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...