27 C
Colombo
Thursday, May 2, 2024

කළුබෝවිල රෝහලට නව වාට්ටු සංකීර්ණයක්

- Advertisement -

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නව මිලේනියම් ගොඩනැගිල්ලේ වාට්ටු සංකීර්ණ කිහිපයක් ඊයේ දින විවෘත විය.

ඒ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගීත්වයෙනි.

පසුගිය දිනවල නේවාසික කොවිඩ් ආසාදිතයන් වැඩිවීමේ අර්බුදයකට මුහුණ දී තිබූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ධාරිතාව වැඩිකිරීම සඳහා ඉදිකළ නව වාට්ටු සංකීර්ණය මහල් 8කින් යුතු අතර 4 , 5 සහ 6 යන මහල්වල වාට්ටු යුද හමුදාවේ දායකත්වයෙන් ඉදිකර ඇත.

මෙම ගොඩනැගිල්ල හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්, වාට්ටු සංකීර්ණ කිහිපයක් ශල්‍යාගාර හයක්, හෘද ප්‍රතිකාර ඒකකයක් හා රසායනාගාර කිහිපයකින්ද සමන්විතය.

මේ වන විට එම රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා ඇඳන් 200 ක් පමණ වෙන් කර ඇති අතර ඉදිරියේදී එහි ධාරිතාව 350 ක් ඉක්මවන ප්‍රමාණයකට ගෙන යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

RECENT ARTICLES - SINHALA

උමා ඔය නිසා විදුලිබල මණ්ඩලයට දවසකට රු.මිලියන 80 ක ඉතිරියක්

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට සිදු වන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ...

බස් ගාස්තු ගැන අවසන් තීරණය

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන්...

රට පුරා වැඩවර්ජන රැල්ලක්

සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කල බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. ඒ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...