33 C
Colombo
Saturday, May 4, 2024

තලේබාන් නායකයෝ චීන තානාපතිවරයා හමුවෙති

- Advertisement -

තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පිරිසක් කාබුල් නගරයේ දී ඇෆ්ගනිස්තානයේ සිටින චීන තානාපතිවරයා හමුවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය දේශපාලන නායකයකු වන අබ්දුල් සලාම් හනෆි ඇතුළු පිරිසක් චීන තානාපති වැන්ග් යූව කාබුල්හි දී හමුවූ බවයි.

මෙම හමුව සිදුවුයේ චීනය තලේබාන් පාලනයක් යටතේවුවද ඇෆ්ගනිස්තානයට ආධාර සැපයීමට සූදානම් බවට ප්‍රකාශ කිරීමෙන් පසුවයි.

සාකච්ඡාවලදී ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි චීන තානාපති කාර්යාලයේ ආරක්ෂාව, ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්වය සහ චීනය විසින් මානුෂීය ආධාර ලබාදීම යන කරුණු පිළිබදව සාකච්ඡා කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

තලේබාන් සංවිධානය කාබුල් ඇතුළු ඇෆ්ගනිස්තානයේ බහුතර ප්‍රදේශවල බලය තහවුරු කර ගැනීමත් සමග රටවල් රැසක් සිය තානාපති කාර්යාල වසා දමා කාර්ය මණ්ඩල ඉවත් කරගත්තද චීනය එහි සිය තානාපති කාර්යාලයේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

RECENT ARTICLES - SINHALA

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

මාවුස්සාකැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...