28.7 C
Colombo
Wednesday, May 8, 2024

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

- Advertisement -

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් කොවිඩ් ආසාදිතයන්ගේ සහ රෝහල් කාර්යය මණ්ඩලයේ ජීවිත සුරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් ශ්වසන ආධාරක යන්ත්‍ර (ventilators) 2ක් සහ K95 මුව ආවරණ තොගයක් අද (27) දින කළුතර නාගොඩ මහ රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබුවා.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කළ ඉල්ලීමකට අනුව ඔහුගේ හිතවතෙක් වන ආචාර්ය අසේල වික්‍රමසිංහ මහතා විසින් මෙම උපකරණ ඔහු වෙත සපයා දී ඇති අතර එම සියලු උපකරණ කළුතර නාගොඩ මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත අද දින භාරදෙනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ පියල් නිශාන්ත සිල්වා මහතා කියා සිටියේ ආචාර්ය අසේල වික්‍රමසිංහ මහතා හට තමා විශේෂ ස්තූතියක් පිරිනමන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියල් නිශාන්ත මහතා,

“මහජන නියෝජිතයන් විදිහට අපේ යුතුකම හා වගකීම වෙන්නේ මේ මොහොතේ දී මහජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වීමයි. මම හිතනවා මේ වෙන්ටිලේටර් යන්ත්‍ර දෙක බොහෝ දෙනකුගේ ජීවිත ආරක්ෂාවට හේතු වේවි කියලා. විවිධ පාර්ශව වල උදව් සහිතව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ පටන්ම අපි මහජන සුබසාධනය වෙනුවෙන් මැදිහත් වුණා. කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ විහාරස්ථාන, රාජ්‍ය සේවකයින් වගේම වසංගතය නිසා පීඩාවට පත්වූ මහජනතාව වෙනුවෙන් වැඩසටහන් රැසක් දියත් කළා.

ඒ වගේම, අපේ අමාත්‍යංශය හරහා වසංගතය සමයේ දරුවන් සහ කාන්තාවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළා. ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න සැලසුම් සකස් කරලා තියනවා. පක්ෂ පාට විදිහට බෙදිලා වෙන්වෙලා මේ වසංගතයට අපිට මුහුණ දෙන්න බෑ. මනුෂ්‍යත්වය පෙරදැරිව එකිනෙකාට උදව් කර ගැනීම තුළින් පමණයි අපිට රටක් විදියට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

නුවරඑළිය තැපැල්හල ඉන්දීය සමාගමකට ලබාදීම වළක්වන්න අතුරු තහනමක් ඉල්ලන පෙත්සම යළි කැඳවීමට නියෝග

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස නම් කර ඇති නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස භාවිත කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට ගෙන ඇති පියවර වළක්වන...

දුම්රිය ප්‍රතිව්‍යුහගත යෝජනා මසක් තුළ කැබිනට්ටුවට

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මාලාව ඉදිරි මාසය ඇතුළත කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් රංජිත් රූබසිංහ මහතා සඳහන්...

එක්ස්ප්‍රස් පර්ල් නැවේ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙලා

කොළඹ වරාය මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...