29 C
Colombo
Friday, May 3, 2024

අතුරුදන් වූ ව්‍යාපාරිකයා වසර පහකට පසු රැදවුම් කදවුරකින් මතුවේ

- Advertisement -

මීට වසර පහකට පමණ පෙර හිටිහැටියේ අතුරුදන් වූ චීනයේ උයිගුර් සම්භවයක් සහිත ව්‍යාපාරිකයෙකු වසර පහකට පසු රැදවුම් කදවුරක සිටින බවට අනාවරණය කරගෙන තිබේ.

ෆ්‍රී ඒෂියා ගුවන් විදුලියට අනුව, මහමුද්ජාන් මෙහෙමත්ජාන් නම් 35 හැවිරිදි ව්‍යාපාරිකයා චීනයේ කස්ගාර් ප්‍රදේශයේ පදිංචිකරැවෙකි.

දේපළ වෙළෙදාමට සම්බන්ධ ව්‍යපාරයක් පවත්වාගෙන ගිය ඔහු 2016 වර්ෂයේ දී තවත් සගයන් පිරිසක් සමග ඇමරිකාවේ ව්‍යාපාරික සංචාරයක නිරතව තිබේ.

2017 දී ඔහු ඇමරිකාවේ සිට යළි චීනයට පැමිණ විගස හදිසියේම අතුරුදන්ව ඇත.

ඔහුව සොයාගැනීම සදහා පවුලේ සාමාජිකයන් වසර ගණනාවක් තිස්සේ උත්සහ දැරුවත් ඔහු පිළිබද කිසිදු හෝඩුවාවක් ලැබී නැත.

එහෙත් පසුගිය සතියේදී හෙළිවී ඇත්තේ ඇමරිකාවේ සිට යළි චීනයට පැමිණි වහාම ඔහුව අත්අඩංගුවට ගත් චීන බලධාරීන් විශේෂ රැදවුම් කදවුරකට රැගෙන ගොස් ඇති බවයි.

උයිගුර් ජාතිකයන් ඇතුලු සුලු ජාතිකයන් මෙලෙස බලහත්කාරයෙන් රැදවුම් කදවුරුවල රදවා ඇති බවට කලක පටන් චීනයට දැඩි ලෙස චෝදනා එල්ල වී තිබේ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...