25 C
Colombo
Tuesday, April 30, 2024

එක එක අය කියන ඒවා අහලා අදාළ නැති එන්නත් මධ්‍යස්ථානවලට යන්න එපා – උපුල් රෝහණ

- Advertisement -

මෙරට ඕනෑම එන්නත් මධ්‍යස්ථානයකින් ඕනෑම අයෙකුට පළමු එන්නත ලබාගැනීමේ හැකියාව ඇති බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සිදුකල ප්‍රකාශයත් සමඟ එන්නත්කරණ වැඩසටහන තුළ අර්බුදයක් ඇතිවී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

ඔහු පවසන්නේ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රකාශය තුළින් නැවත වරක් අනාවරණය වන්නේ රටේ එන්නත්කරණ වැඩසටහන බිම් මට්ටමේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය නොදන්නා බව තහවුරු වන බවයි.

ඒ ඒ දිස්ත්‍රික්කවල එන්නත්කරණ මධ්‍යස්ථානවලට එන්නත් ප්‍රමාණයන් නිකුත්කරනුයේ ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශවල ජනගහනය පාදක කරගනිමින් බවත් එම කොට්ඨාශයට පිටින් පැමිණි පුද්ගලයින් එන්නත් ලබාගතහොත් අදාළ කොට්ඨාශයේ ජනතාව අපහසුතාවයට පත්වන බවත් උපුල් රෝහණ මහතා පෙන්වා දෙනවා.

පසුගිය සති කිහිපය පුරාවටම එන්නත්කරණ මධ්‍යස්ථානවල ගැටළු ඇතිවූයේත් අදාළ කොට්ඨාශයට පරිබාහිරව පැමිණී පුද්ගලයින් එන්නත් ලබාගැනීම හේතුවෙන් බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

එබැවින් තමන්ට අදාළ නොවන ග්‍රාම නිලධාරී කොට්ඨාශයකින් එන්නත ලබාගැනීමට කිසිදු අවස්ථාවක් හිමි නොවන බවත් එලෙස එන්නත් ලබාගැනීමට ගොස් අනවශ්‍ය අර්බුද නිර්මාණය නොකරන ලෙසටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.

ඊට අදාළ දර්ශන මෙතනින්

https://fb.watch/7HeZ3MgetB/

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...