34 C
Colombo
Friday, May 3, 2024

කාබුල් අගනුවර යළිත් දැවැන්ත පිපිරීමක්

- Advertisement -

Update : 07.50 PM

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන් තොටුපොළට වයඹ දෙසින් පිහිටි ස්ථානයකට මීට ටික ‌වේලාවකට පෙර එල්ල වූ රොකට් ප්‍රහාරයෙන් දරුවකු මියගොස් ඇතැයි ඒ.පී. පුවත් සේවය වාර්තා කරයි.

ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයෙන් දස දහස් ගණනක් මුදා ගනිමින් සිටින අවස්ථාවකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
මුදාගැනීමේ මෙහෙයුම්වල අවසන් දින කිහිපය මෙලෙස ගෙවී යමින් තිබේ.

ඉදිරි පැය 24ත් 36ත් අතර කාලයේ දී කාබුල් අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සෙනසුරාදා අනතුරු අඟවා තිබිණි.

ISK සංවිධානය ඉකුත් බ්‍රහස්පතින්දා කාබුල් අගනුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් ඇමෙරිකානු සොල්දාදුවෝ 13 දෙනෙක් මියගියහ. ඊට අමතරව සිවිල් වැසියන් 170කට වැඩි පිරිසක් මරණයට පත්වූහ.

එම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදාගනිමින් ප්‍රහාර එල්ල කළ අතර එයින් අයි.එස්.-කේ. සංවිධානයේ ප්‍රබලයන් දෙදෙනකු මරණයට පත්වූයේ යැයි ද ඇමෙරිකාව පැවැසීය.


මීට ටික වේලාවකට පෙර ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර දැවැන්ත පිපිරීමක් සිදුව ඇතැයි ටෝලෝ පුවත් සේවය වාර්තා කරයි.

ටෝලෝ යනු ඇෆ්ගනිස්තානයේ විශාලතම රූපවාහිනි ප්‍රවෘත්ති ජාලය යි.

ගුවන් තොටුපොළට ආසන්න නිවසකට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ද වාර්තා වන අතර සමාජ මාධ්‍ය තුළ විඩියෝ ද හුවමාරු වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන්ට තුවාල වී හෝ මරණයට පත් වී ඇත් ද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.

කාබුල් නුවර දැවැන්ත පිපිරීමක් සිදුව ඇතැයි බී.බී.සී. ප්‍රවෘත්තියේ පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන වාර්තාකරු වන සෙකුන්දාර් කෙර්මානි ද ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් වාර්තා කර ඇත.


RECENT ARTICLES - SINHALA

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...