27 C
Colombo
Monday, August 15, 2022

කාබුල් අගනුවරට යළිත් ප්‍රහාරයක් එල්ලවේ යැයි ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

ඉදිරි පැය 24ත් 36ත් අතර කාලය තුළ ඇෆ්ගනිස්තානය තුළ විශේෂයෙන්ම කාබුල් අගනුවරට ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ඇමෙරිකාව එක්සත් ජනපදය අනතුරු අඟවයි.

ඇමෙරිකානු හමුදාවේ අණදෙන නිලධාරීන් ජනාධිපති ජෝ බයිඩන් හමු වී ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදි මෙම තොරතුරු ලබා දී තිබේ.

මේ අනුව ඇෆ්ගනිස්තානය තුළ තවත් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සෙනසුරාදා (28) අනතුරු ඇඟවීය.

ඇෆ්ගන් භූමියේ තත්ත්වය “අතිශයින් භයානක” යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ අනතුරු ඇඟවීය.

මේ අතරවාරයේ දී ඉකුත් දා (26) වැනිදා කාබුල් නුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා රැඳී සිටින ඇබේ ගේට්ටුවට අසළට මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමික් ස්ටේට් කොරාසාන් (අයි.එස්.-කේ) සංවිධානය මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදාගනිමින් ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් එම සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි ඇමෙරිකාව ප්‍රකාශ කළේය.

එම ප්‍රහාර හෙළා දකින බව තලේබාන් සංවිධානයේ ප්‍රධාන ප්‍රකාශක සබිහුල්ලා මුජහිද් පැවැසීය.

“එය පැහැදිලිවම ඇෆ්ගන් දේශභූමියට එල්ල වූ ප්‍රහාරයක්” මුජහිද් පැවැසීය.

ඇමෙරිකාව සහ ඔවුන්ගේ බටහිර රටවල් සිය හමුදා, පුරවැසියන් සහ ඇෆ්ගන් හමුදා ඉවත් කළ පසු සිය සංවිධානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගන්නැයි ද මුජහිද් එම රටවලින් ඉල්ලීමක් කළේය.


RECENT ARTICLES - SINHALA

ඉන්ධන කෝටාව ගැන දැනුම්දීමක්

ජාතික ඉන්ධන අවසර පත්‍රය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම සතියේ ඉන්ධන කෝටාව සදහා මේ වන විට යාවත්කාලීන කර තිබෙනවා.

දඬුලේනා දොට්ට, ජාතික සත්වයා වෙන්න දිවියාට අවස්ථාවක් – මහින්ද අමරවීර

0
මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වන දඬුලේනා ජාතික සත්ත්වයා යන නාමයෙන් ඉවත් කිරීමට තමන් කටයුතු කරන බව කෘෂිකර්ම, වනජීවී සහ...

බිරිඳ ගෙන්වා ගැනීමට දරුවාගේ ගෙළට පිහියක් තබා තර්ජනය කළ පියා අත්අඩංගුවට

සිය 5 හැවිරිදි දරුවාගේ ගෙළට පිහියක් තබා දෙදෙනා ම ජීවිතය නැති කරගන්නා බවට බිරිඳට තර්ජනය කරමින් වීඩියෝ පටයක් නිකුත් කළ පියෙකු කුලියාපිටිය...

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...