25 C
Colombo
Tuesday, April 30, 2024

ඉදිරියේදී අපේ රුපියල ශක්තිමත් වේවී – රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල්

- Advertisement -

ඉදිරියේදී මෙරට රුපියල ශක්තිමත්වනු ඇති බවට තමන් විශ්වාස කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 800ක මුදල සහ චීන සංවර්ධන බැංකුවෙන් මෙරටට ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 350 ක ණය මුදල හරහා මෙරට ආර්ථිකයේ ද්‍රවශීලතාව වැඩි දියුණු කෙරෙන බවයි.

ඒ හරහා මෙරට අමෙරිකානු ඩොලර් සංචිත ශක්තිමත් වන බැවින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වනු ඇති බවට තමන් විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.

ඒ අනුව ආනයන සහ අපනයනකරුවන්ට සිය විදේශ වෙළෙඳ කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යා හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...