31 C
Colombo
Tuesday, April 30, 2024

ඇමරිකානු හමුදාවේ ප්‍රහාරවලින් වයස අවුරුදු දෙකක දරුවන් ද ඇතුළු එකම පවුලේ දස දෙනෙක් ජීවිතක්ෂයට

- Advertisement -

කාබුල් ගුවන් තොටුපල අසලදී සිදුකළ එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් ළමයින් හය දෙනෙකු ඇතුළුව එකම පවුලේ දස දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වී ඇතැයි වාර්තා වෙනවා.

ඉරිදා දිනයේ, කාබුල් ගුවන් තොටුපල ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු ඉස්ලාමීය රාජ්‍ය අනුබද්ධ ISIS -K හි සාමාජිකයෙකු ගමන් ගත් බවට සැක කෙරෙන වාහනයක් ඉලක්ක කරගනිමින් ඇමරිකානු හමුදාව එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරයකට නිවසින් පිටත නවතා තිබූ මෝටර් රථය විනාශ වී තිබුණේ දස දෙනෙකුට ජීවිත ද අහිමි කරමින්.

‘ඇයි ඔවුන් අපේ පවුල මැරුවේ? අපේ දරුවන්? ඔවුන්ගේ සිරුරු සහ මුහුණු හඳුනාගත නොහැකි තරමට පිළිස්සී ගොස් තිබෙනවා’ කෝපයට පත් ඥාතියෙකු වන රමින් යූසුෆි කඳුළු සලමින් BBC වාර්තාකරුවන්ට පවසා තිබෙනවා.

පවුලේ ඥාතීන් මේ පිළිබඳ චෝදනා කරමින් පවසා ඇත්තේ එක්සත් ජනපද ප්‍රහාරය ‘වැරදි තොරතුරු මත සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයක්’ බවයි.

36 හැවිරිදි සෙමරේ අහ්මාදි සහ පිළිවෙලින් වයස අවුරුදු 20,16,12 වයස්වල පසුවන ඔහුගේ පුතුන් වන සමීර්, ෆයිසාල් ප්‍රහාරයට ගොදුරු වුණා. ඔහුගේ වයස අවුරුදු දෙකක සුරතල් දියණිය මාලිකා අහ්මාදි ද මිය ගිය බව පවුලේ ඥාතීන් පැවසුවා.

සෙමරේගේ ලේලියන් සහ බෑණනුවන් හය දෙනෙකු ද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. අවුරුදු දෙකක පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක්, අවුරුදු පහේ සහ හතේ වයසේ ගැහැණු ළමයින්, හය හැවිරිදි පිරිමි ළමයෙක් සහ 28 හැවිරිදි පිරිමි ළමයෙක් ද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර, පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කර්බි පවසා ඇත්තේ සිවිල් වැසියන්ගේ ජීවිත හානි පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජනපද බලධාරීන්ට තර්ක කළ නොහැකි බවයි. එමෙන්ම එක්සත් ජනපද හමුදාව තරම් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා පෘථිවිය මත කිසිඳු හමුදාවක් වෙහෙස මහන්සි වී වැඩ නොකරන අතර අහිංසක ජීවිත බිලි ගන්නවා දැකීමට කිසිවෙකුට අවශ්‍ය නැති බව ඔහු සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රතුපස්වල තීන්දුව අද

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ...

පාඨලී CID යට

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළුවෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමක දී...

අරක්කු සමාගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්

කඩුවෙල - රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා ඊයේ (29)...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...