32 C
Colombo
Sunday, May 5, 2024

කාඩ්පත ලකුණු කර එන්නත ලබා නොදෙන බවට සමාජ මාධ්‍යයට පැවසූ තරුණයා පොලිසියට

- Advertisement -

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් දොඩන්දූව ප්‍රදේශයේ රෝහණ බාලිකා විද්‍යාලයේ පසුගිය 27 වන දා සිදුකළ එන්නත් ලබාදීමේ වැඩසටහනේ දී ඇති වූ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදුන් පුද්ගලයාගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

එම එන්නත්කරණ වැඩසටහනේදී එන්නත ලබාගත් බවට පැමිණ සිටි පිරිසගේ කාඩ්පත්වල සලකුණු කළ නමුත්, ඔවුන්ට එන්නත් ලබානොදී ආපසු හරවා යැවීමට එහි සිටි සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළ බව අදාල තරුණයා සජීවීව සමාජ මාධ්‍ය හරහා පෙන්වා දුන්නා.

කෙසේවෙතත් ඔහුගේ අනාවරණය සම්බන්ධව ප්‍රකාශයක් ලබා දෙන ලෙසට පොලිසිය කළ දැනුම්දීමකට අදාලව ඊයේ (31) දින ඔහු නීතිඥවරුන් පිරිසක්ද සමග ගාල්ල පොලිස් ස්ථානයට පැමිණියා.

තමන් කතා කළේ ජනතාව වෙනුවෙන් බවත් තමන්ට එරෙහිව යමෙකු පැමිණිල්ලක් කර ඇති නිසා පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගනී යැයි තමන්ට බියක් ඇති බවත් එහිදී ඔහු පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...