28 C
Colombo
Friday, May 3, 2024

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුකළ ත්‍රස්තයින් සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

- Advertisement -

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුකළ විත්තිකරුවන් 25 දෙනෙකුට නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනුකර ඇති චෝදනා 23, 270 කින් සමන්විත අධි චෝදනා විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා.

ඒ අනුව එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස මහාධිකරණය විනිසුරු දමිත් තොටවත්ත මහතා පත්කර ඇති අතර විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වන්නේ අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවන් දෙපළයි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නව්ෆර් මවුලවී, සජිඩ් මවුලවී, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල් හක්, ෂාහිඩ් අබ්දුල් හක්, ආදම් ලෙබ්බෙ හෙවත් ගෆූර් බාබා, මොහොමඩ් සම්සුඩීන්, මොහොමඩ් රිස්වාන් යන සැකකරුවන් ඇතුළු සැකකරුවන් විසි පස්දෙනෙකු නම් කර තිබෙනවා.

2019 අප්‍රේල් මස 21 වන දින කතෝලික දේවස්ථාන 02ක්, කිතුණු දේවස්ථානයක්, තරු පන්තියේ හෝටල් 03ක් ඇතුළු දිවයිනේ ස්ථාන 08ක සිදුවූ පිපිරීම් 10කට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කුමන්ත්‍රණය, සූදානම් කිරීම, ආධාර අනුබල දීම, පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ එකතු කිරීම, මිනීමැරුම් සහ මිනීමැරීමට උත්සාහ කිරීම යන චෝදනා මත සැකකරුවන් මෙම සැකකරුවන් 25 දෙනාට එරෙහිව අධි චෝදනා 23,270ක් මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...