32 C
Colombo
Monday, April 29, 2024

කාශ්මීරයේ කැරලිකරුවන්ගේ දෙමාපියෝ සොයා ඉන්දීය හමුදාව සහ පොලිසිය යති

- Advertisement -

ඉන්දීය ආරක්ෂක හමුදාව සහ ජම්මු කාශ්මීර පොලිසිය කාශ්මීර බෙදුම්වාදී සංවිධාන සමග සම්බන්ධ වී සිටින සටන්කාමීන්ගේ දෙමාපියන් හමුවීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඩෙකෑන් හැරල්ඩ් පුවත් පුවත් පත සදහන් කළේ, මෙම වැඩසටහන යටතේ ආරක්ෂක අංශ සාමාජිකයන් සටන්කාමීන්ව බෙදුම්වාදී සංවිධානවලින් ඉවත් කරගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිට ඇති බවයි.

ඒ සදහා උපරිම මැදිහත්වීමක් කරන ලෙසත් එම දරුවන් කිසිදු ගැටලුවකින් තොරව සමාජගත කිරීමටත් ඔවුන්ගේ අනාගතය භාර ගැනීමටත් සූදානම් බව එහිදී දැනුම්දෙන බවත් පැවසේ.

මේ යටතේ දකුණු කාශ්මීරයේ සූෆීයාන් දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහනට සාර්ථක ප්‍රතිචාර හිමිවූ බවද එම පුවත් වාර්තාවේ සදහන් වේ.

මින් පෙරද අවස්ථා කිහිපයකදී ආරක්ෂක අංශ සහ ජම්මු කාශ්මීර පොලිසිය සටන්කාමීන් යළි සමාජගත කිරීමේ ⁣මෙවැනි වැඩසටහන් පවත්වා ඇති අතර එහිදී භාරවූ සටන්කාමීන්ට ස්ථිර මුදල් තැන්පතු ලබාදීම, මාසික දීමනාවක් පිරිනැමීම, වෘත්තීය පුහුණුව ලබාදීම වැනි කටයුතු ක්‍රියාත්මක විය.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...