32 C
Colombo
Monday, April 29, 2024

ඇවිදින මංතීරු හදන්න සල්ලි තියෙනවා. ගුරුවරුන්ට දෙන්න සල්ලි නැහැ – ජෝසප් ස්ටාර්ලින් (වීඩියෝ)

- Advertisement -

ගුරුවරුන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් මස් රාත්තලම ඉල්ලා සිටින බවට චෝදනා කරන රජයට කොවිඩ් වසංගත තත්ත්වය තුළත් ඇවිදින මංතීරු සෑදිමට මුදල් ඇතත් ගුරුවරුන්ට වැටුප් ගෙවීමට මුදල් නොමැතිවීම පුදුම සහගත බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කරනවා.

ඊයේ (01) කොළඹදි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු සඳහන් කළේ ගුරුවරුන්ගේ මුල් ඉල්ලීම වූ සුබෝධිනි කමිටු වාර්තාවෙන් යෝජනා කර තිබූ වැටුප් ගෙවීමේ ක්‍රමවේදයද වෙනුවට අමාත්‍ය අනුකමිටුවෙන් හෝ යෝජනා කළ වැටුප් ගෙවීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසයි.

කෙසේ වෙතත් අමාත්‍ය අනුකමිටුව මගින් යෝජනා කර තිබෙන ගුරු වැටුප් ගෙවීම සඳහා වෙන්කල යුතු බව සදහන් බිලියන 32 මුදල අයවැය යෝජනාවක් ලෙස එකවර ලබාදෙනවා වෙනුවට එයද කොටස් වශයෙන් ලබාදීමට කිසිසේත් එකඟවිය නොහැකි බව ස්ටාලින් මහතා පවසනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා සදහන් කරන ලෙස එම මුදලද කොටස් 4 ක් ලෙස ලබාදුනහොත් ගුරු සේවයේ 3-2 පුද්ගලයෙකුට ලැබීමට නියමිත රුපියල් 3750 ක සම්පූර්ණ මුදලින් එක් කොටසක් ලෙස ලැබෙන්නේ වසරකටම රුපියල් 937 ක් වැනි ඉතා සුළු මුදලක් බව ඔහු පෙන්වා දෙනවා.

1997 සිට සෙසු රාජ්‍ය සේවයකන්ගේ වැටුප 60% කින් වැඩවන විට ගුරුවරුන්ට වැටුප් අහිමිවීම නිසාවෙන් වසර 24 ක් පුරාවටම ගුරුවරුන් දැඩිලෙස අපහසුතාවයට පත්ව සිටින බව ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා.

එම ගැටළුව විසදීම සඳහා පත්කළ සුබෝධිනි කමිටුවේ වාර්තාවට අනුව අදාළ ගුරු විදුහල්පති වැටුප ලබාදීමට වාර්ෂිකව රුපියල් බිලියන 71 ක් වෙන්කල යුතු බව සඳහන් කළත් මෙතෙක් ඒ සඳහා කිසිදු රජයක් ක්‍රියාත්මක නොවූ බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...