28 C
Colombo
Friday, May 3, 2024

චීන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයේ හදනවා

- Advertisement -

කොළඹ වරාය නගරයේ චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් පිහිටුවීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා පවසනවා.

චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කතානායක) ලී ෂන්සු මහතා සමග සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (01) පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සදහා චීනයේ සහය අපේක්ෂා කරන බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසන ලදි.

මෙහිදී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා ප්‍රකාශ කර සිටියේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් ආයෝජන සදහා චීනය පහසුකම් සලසන බවයි

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සමීප මිතුරකු වශයෙන් මෙරට ආර්ථිකයට උපරිම සහයෝගය දෙන බවත් මෙම සාකච්ඡාව වඩාත් පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමටද කැපවන බවත් ඔහු මෙහිදී සහතික වී සිටියා.

මෙම සාකච්ඡාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් ද සහභාගි විය

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...