29 C
Colombo
Sunday, May 5, 2024

ශ්‍රී ලංකාවට වර්ණවත් ජයක්

- Advertisement -

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරඟය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

නියමිත පන්දුවාර 50 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 300 ක් රැස් කරගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ 14වන පන්දුවාරයේදී විනිසුරු රුචිර පල්ලියගුරුගේ⁣ට සිදුවූ අතපසුවීමක් හේතුවෙන් නීත්‍යානුකූල පන්දු හතක් යොමු කර තිබීමත් විශේෂත්වයක්.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් ලබා ගත්තා.

එය අවිශ්කගේ තුන්වන ජාත්‍යන්තර එක්දින ශතකයයි.

චරිත් අසලංක ලකුණු 72 ක් ලබාගත් ධනංජය ද සිල්වා ලකුණු 44යි.

ශ්‍රී ලංකාවේ inima ලංකා ඉනිමේ අවසන් පන්දුවාර 10 තුළ ලකුණු 90ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 286ක් පමණයි.

Aiden Markram ලකුණු 96ක් ලබා ගත්තද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වුයේ නැහැ.

අවිශ්ක ප්‍රනාන්දු තරගයේ වීරයායි.

මෙම ජයත් සමග ලෝක කුසලාන සුපර් ලීග් ලකුණු සටහනේ ලකුණු 10ක් ද සමගින් තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...