30 C
Colombo
Saturday, May 4, 2024

සිතුල්පව්වේ නිධන් හෑරු හතක් රිමාන්ඩ්

- Advertisement -

සිතුල්පව්වේ පරිවාර දාගැබක් වන ‘මඟුල් මහා සෑය’ හාරා නිධන් වස්තු සෙවීමේ චෝදනාවට අත්අඩංගුවට පත් සැකකරුවන් 07 දෙනා මේ මස 07වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලී ගුණසේකර මහත්මිය නියෝග කර ඇත.

මෙම අපරාධකරුවන් දැබැබේ ගර්භය බිඳ, එහි තැන්පත් කර තිබූ නිධන් වස්තු යම් ප්‍රමාණයක් සොරා ගෙන, බිඳ දැමූ කොටස ප්ලාස්ටර් පැරිස් යොදා වසා දමා නික්ම යන්නට උත්සාහ ගත් අවස්ථාව්දී සිතුල්පව්ව රජමහා විහාරයේ ආරක්ෂාවට අනුයුක්ත කර ඇති හමුදා නිලධාරියෙක් සිද්ධිය දැක ප්‍රශ්න කිරීමේදී සැකකරුවෙක් අල්ලා ගෙන ඇති අතර අනෙක් පිරිස පළා ගොස් ඇත.

ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනකු කිරින්ද පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරුතුරු ඔස්සේ සිද්ධියට යොදාගත් ජිෆ් රථය සමග ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ නිළධාරීන් සමත්ව තිබේ.

පසුව සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...