30 C
Colombo
Saturday, May 4, 2024

මෙරට අවිධිමත් ජලඅපවහන ක්‍රමවේදය ජල මූලාශ්‍ර විනාශයට හේතුවක් – ජාතික විගණන කාර්යාලය

- Advertisement -

ශ්‍රී ලංකාවේ මිරිදිය ජල මූලාශ්‍ර දැඩි ලෙස දූෂණයට පත්ව ඇති නිසාවෙන් එය පානීය ජලය ලෙස පිරිපහදු කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ඉතා අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

අන්තර්ජාලයට එක්කර ඇති එම ජාතික විගණන කාර්යාල වාර්තාවෙහි සදහන් වන්නේ පිරිපහදු කිරීම සඳහා ලබා ගත් ජලයේ අපවිත්‍ර ද්‍රව්‍ය ඉතා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙලෙස අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි.

මීට හේතුවන ප්‍රධාන කාරණා ලෙස අභ්‍යන්තර ජලාශවලට අපජලය බැහැර කිරීමේදී ප්‍රමිති කෙරෙහි අවධානය යොමු නොවීම පිරිපහදුව සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය වල මිල, ජල භාවිතය තීව්‍ර වීම වැනි කරුණුද මෙම පිරිවැය ඉහළ යෑමට හේතුවී ඇති බව එම වාර්තාවේ සඳහන්.

මිලියන හයකට ආසන්න ජනගහනයක් වෙසෙන බස්නාහිර පළාතෙන් දිනකට අපජලය ලීටර් මිලියන 1200 කට ආසන්න ප්‍රමාණයක් උත්පාදනය වන බව ජාතික විගණන කාර්යාල වාර්තාව පෙන්වා දෙනවා.

එම අපජලය වැල්ලවත්ත සහ මාදම්පිටිය පොම්පාගාර හරහා සාගරයට බැහැර කෙරෙක අතර එමගින් ඇතිකරන සමුද්‍රීය පරිසර දූෂණයේ බරපතලකම කෙතරම්ද යත්, බස්නාහිර පළාත හරහා පමණක් වසරකට අපිරිසිදු අපජලය ලීටර් මිලියන 438,000 ක් සාගරයට එකතු වන බව ගණන් බලා ඇතැයි එම වාර්තාව පෙන්වා දෙනවා.

පුද්ගලයින් 20,000 ක් පමණ සේවය කරන කර්මාන්ත ශාලා 408 ක් ආවරණය කිරීමේ අරමුණින් 2013 වසරේදී ඝන මීටර් 17,000 ක ධාරිතාවයකින් යුත් රත්මලාන අපජල පවිත්‍රාගාරය විවෘත කරනු ලැබූවා.

සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතට අනුව අවම වශයෙන් කිලෝමීටර දෙකකින්වත් ඈතින් මුහුදට මුදාහැරිය යුතු එම අපජල පවිත්‍රාගාරය මගින් මුහුදට මුදාහරින අපජලය මුහුදට මුදාහැර තිබුණේ මීටර් 600 ක් පමණ දුරකින් බව අදාළ විගණන වාර්තාවේ සඳහන්.

දෙහිවල ගල්කිස්ස, කොළොන්නාව සහ කොළඹ ප්‍රදේශයෙන් පිටත ආයතන 11 ක අපජලය කොළඹ නගර සභා පද්ධතියට ගෙන වැල්ලවත්ත සහ මාදම්පිටිය පිරිපහදු මධ්‍යස්ථාන හරහා ක්‍රමවත්ව මුහුදට ගෙනයාම නිවැරදි ක්‍රමය වුවත් එම පිරිපහදු මධ්‍යස්ථාන දෙකම අක්‍රීයව ඇති බැවින් අපජලය සෘජුවම මුහුදට මුදා හරින බවද විගණන වාර්තාවේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...