33 C
Colombo
Thursday, May 2, 2024

ජනාධිපති යටත් කරගනිමින් ගිනියාවේ හමුදාව එරට බලය අල්ලා ගනී

- Advertisement -

බටහිර අප්‍රිකානු රටක් වන ගිනියාවේ හමුදාව, ජනාධිපති ඇල්ෆා කොන්ඩේ යටත් කරගනිමින් එරට රාජ්‍ය බලය ලබා ගෙන තිබේ.

අගනුවර ජනාධිපති මන්දිරය අසල පැය ගණනක් දැඩි වෙඩි හුවමාරුවක් සිදු වූ අතර රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ රජය පැහැදිලිවම කුමන්ත්‍රණයකින් විසුරුවා හරින ලද බව නිවේදනය කරන ලදී.

“සොල්දාදුවෙකුගේ යුතුකම රට බේරා ගැනීමයි” යනුවෙන් ගිනියානුවන්ට පැවසූ හමුදා කර්නල් මාමාඩි ඩම්බෝයා විසින් රාජ්‍ය රූපවාහිනියේ ශබ්ද නඟා කියවූ නිවේදනයෙන් රටේ දේශසීමා වසා දමා එහි ව්‍යවස්ථාව වලංගු නොවන බව ප්‍රකාශ කර ඇත.

“අපි තවදුරටත් දේශපාලනය එක් මිනිසෙකුට පවරන්නේ නැත. අපි එය ජනතාවට භාර දෙන්නෙමු, ”ගිනියානු ධජයන් පොරවාගෙන සිටි සෙසු සොල්දාදුවන් පිරිසක් වටකරගත් හමුදා කර්නල් මාමාඩි පැවසුවේය.

ජනාධිපති ඇල්ෆා කොන්ඩේ හමුදාව යටතේ සිටින වීඩියෝවක් මේ වන විට නිකුත් වී ඇති අතර ඔහු සිටින තැනක් නිශ්චිතව සඳහන් කර නොමැත.

කෙසේවෙතත් ජනාධිපතිවරයාට හිතවත් හමුදා ඛණ්ඩ සහ කැරලිකාර හමුදාව අතර තවදුරටත් සටන් ඇවිලී යා හැකි බවට ද අනාවැකි පළවෙමින් පවතී.

RECENT ARTICLES - SINHALA

පරාටේ නීතිය ගැන විශේෂ තීරණයක්

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා...

UNPයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට ආරාධනා...

කටුනායක වීසා නිකුත් කරන්න ඉන්දියන් සමාගමකට දීලා, සංචාරකයින් පෝළිමේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් හේතුවෙන්  ඊයේ (01) එම පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණා. මේ හේතුවෙන්, විදේශිකයන් ගුවන්තොටුපළේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...