26 C
Colombo
Friday, May 17, 2024

කටුනායක වීසා නිකුත් කරන්න ඉන්දියන් සමාගමකට දීලා, සංචාරකයින් පෝළිමේ

- Advertisement -

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් හේතුවෙන්  ඊයේ (01) එම පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණා.

මේ හේතුවෙන්, විදේශිකයන් ගුවන්තොටුපළේ පැය ගණනක දිගු පෝළිම්වල රැඳී සිටිමින් දැඩි අපහසුතාවකට මුහුණ දී තිබුණා.

මේ අතර, ගුවන් තොටුපළේ හටගත් මෙම ආන්දෝලනාත්මක තත්වය සඳහා ඉන්දීය සමාගමක් විසින් on-Arival වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ පාලනය භාර ගැනීම හේතු වී ඇති බවට පුවතක් ඩේලි මිරර් වාර්තා කරනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වසර කිහිපයක් පුරාවට නිසි ආකාරයෙන් මෙම වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පවත්වාගෙන ගොස් තිබුණා.

කෙසේවෙතත්, ඊයේ (01) දිනයේ මෙම වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා දී ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම,  ඊයේ වීසා නිකුත් කිරීමේදී මෙම සමාගම විසින්  විදේශිකයින්ගෙන් මින් පෙර අය නොකළ අමතර ඩොලර් 25ක මුදලක්ද අය කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් කළ විමසීමකදී, ඔහු පවසා ඇත්තේ වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය අදාළ පෞද්ගලික සමාගමට නිසි ආකාරයෙන් කළමණාකරණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් යළි එය පවරා ගැනීමට කටයුතු කළ බවයි.

RECENT ARTICLES - SINHALA

ඕනම කෙනෙක් එක්ක සාකාච්ඡා කරන්න මම සුදානම්-ජනපති

සාකච්ඡා කිරීමට සූදානම් ඕනෑම අයෙකු සමග තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමග...

භාෂා පරිවර්ථකයෙක් ලෙස ආ චීන ජාතිකයා මාස 6කදි මිලියන ගණනක් හොයලා

චීන භාෂා පරිවර්ථකයෙකු වශයෙන් රැකියාක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි...

පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණයෙන් වසර දහයක සිරදඬුවමක්

විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත 2020 වසරේදී අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණය වසර දහයක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 2020 ජනවාරි 01...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...