29 C
Colombo
Thursday, May 2, 2024

සුනිල්ට සමුදෙන්න කලාකරුවන්, දේශපාලඥයන් රැසක් බොරැල්ලට (VIDEO)

- Advertisement -

දිවංගත සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළීබඳ අවසන් කටයුතු ඊයේ (06) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

ඒ, නිරෝධායන නීතිවලට අනුකූලවයි.

මියයන විට 68 වැනි වියේ පසුවූ ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබා දුන්නා.

1952 වසරේ සැප්තැම්බර් 14 වනදා උපත ලද අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා මූලික අධ්‍යාපනය ලැබුවේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන්.

සිය පියා වන ඇන්ටන් පෙරේරා මහතා විසින් ඇරඹූ ජිප්සීස් සංගීත කණ්ඩායමට වයස අවුරුදු 11දී ඔහු සම්බන්ධ විය.

පසුව සිය සොයුරන් වන නිහාල්, ලාල්, අමල්, පියල් ඇතුළු ඥාති සොයුරන් කිහිප දෙනෙකු සමග ජිප්සීස් සංගීත කණ්ඩායමට නායකත්වය දුන් ඔහු පළමුවරට මෙරටට නනස්ටොප් ගීත කැසට්පට හඳුන්වා දීමට මුල් විය.

ගීත 12ක සාම්ප්‍රදායික කැසට්පට ක්‍රමය බිඳිමින්, ආදායම් වාර්තා ද ඉක්මවීමට සමත් වූ ගීත හතරක් පම්ණක් ඇතුලත් “ලුණු දෙහි” කැසට් පටය ඉමහත් ජනාදරයට පත්විය.

ලිඳ ළඟ සංගමය, අම්මා අම්මා මේ මට, ලුණු දෙහි, ඕයේ ඔජායේ, පිටි කොටපන් නෝනේ, සිංඤෝරේ වැනි ගීත අතිශය ජනප්‍රියත්වයට පත්විය.

යල් පැනගිය සාම්ප්‍රදායික සංගීත කලාවට ඔහුගේ ගැඹුරු හඬ නවමු අත්දැකීමක් එක් කළ විශිෂ්ටයෙකුගේ නික්මයෑමේ අවස්ථාවට බොරැල්ල පොදු සුසාන භූමියට කලාකරුවන්, දේශපාලඥයන් ඇතුළු ඔහුගේ සමීපතයින් පිරිසක් පැමිණ සිටියා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...