26 C
Colombo
Wednesday, May 8, 2024

පොළොන්නරුවේ වී මෝල් වැටලීම අසාර්ථකයි. රැගෙන ගිය ලොරි 70 න් 39 කට වත් හාල් පුරවගෙන නැහැ

- Advertisement -

ජනාධිපතිවරයාගේ උපදෙස් මත අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඇතුළු විමර්ශන නිලධාරීන් පොලිසිය එක්ව ඊයේ (08) ක්‍රියාත්මක කරන ලද හාල් මෝල් වැටලීමේ මෙහෙයුම අසාර්ථක වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම මෙහෙයුම සඳහා ස.තො.ස. හා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද එක්වූ අතර එහිදී සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් පමණක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට ලබා දීමට වී මෝල් හිමියෝ එකඟ වී තිබෙනවා.

මෙහෙයුම සිදුකර ලබාගන්නා සහල් ස​.තො.ස. වෙත රැගෙන ඒම සඳහා ස.තො.ස. ආයතනය සතු ලොරි 70ක්ද මෙහෙයුමට සම්බන්ධ කරගත්තද ලොරි 39කට පමණක් සහල් පටවා ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ මෙහෙයුමේදී නිපුන සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි හයකටද, අරලිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි විස්සකටද, නිව් රත්න සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි දහයකට සහ සූරිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි තුනකට ප්‍රමාණවත් සහල් යාන්තමට ලැබී ඇති බවට අරුණ පුවත්පත වාර්තා කරනවා.

ලබා ගත් සහල් ස.තො.ස. මගින් අලෙවි කර දින දහයක් ඇතුළත මුදල් ගෙවන බවට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය වී මෝල් හිමියන්ට පොරොන්දු වී තිබෙනවා.

නිව් රත්න සහල් මෝලෙන් සහල් ලබාගැනීමට යාමේදී මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කර මෙම දැවැන්ත මෙහෙයුමට බාධා එල්ල කළා.

දේශීය ආයතනවලට කරදර නොකරන ලෙසත් සහල් බලහත්කාරයෙන් ලබා නොගන්නා ලෙසත් මෙහිදී භික්ෂූන් වහන්සේලා මෙහෙයුම් නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් අරලිය සහල් කර්මාන්ත ශාලාවට ගිය අවස්ථාවේදී අරලිය සහල් හිමිකරු වන ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්​තේ වී සඳහා ඉහළ මිලක් ගෙවීම හේතුවෙන් සහල් අඩු මිලකට ලබාදිය නොහැකි බවයි.


RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...