27.9 C
Colombo
Tuesday, April 30, 2024

දහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් ගුරුගේ මැණික් මුදලාලිගේ අවමගුල් උත්සවය පවත්වලා. පවිත්‍රාත් ඇවිත්

- Advertisement -

කොළඹ පුද්ගලික රෝහලකදී පසුගිය 06 වනදා අභාවප්‍රාප්ත වූ කහවත්තේ ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ මහතාගේ අවමගුල් උත්සවය ඊයේ (06) රත්නපුර – කහවත්තේදී පැවැත්වුණා.

පවත්නා වසංගත තත්ත්වය මත කිසිදු ආකාරයක අවමගුල් උත්සවයක් පැවැත්වීමට තහනම් කර තිබෙන තත්ත්වයකදී හා රට වසා දමා ඇති තත්ත්වයකදී දහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම අවමගුල් උත්සවය පැවැත්වීම විශේෂත්වයක්.

ජිනදාස ගුරුගේ මහතාගේ පාංශකූල පිංකම සඳහා පමණක් භික්ෂූන්වහන්සේලා 50 කට වැඩි පිරිසක් සහභාගීවී සිටි අතර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් කතා පැවැත්වීමටද පැමිණ සිටි ප්‍රභූ පිරිසට මෙහිදී අවස්ථාව සලසා තිබුණා.

මෙම අවමගුල් උත්සවයට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය මෙන්ම වර්තමාන ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මියද සහභාගීවී සිටින අයුරු දක්නට ලැබුණා.

දැවැන්ත උත්සවයක් ලෙස සංවිධානය කර තිබූ මෙම අවමගුල් උත්සවයට ස්ථාන කිහිපයකදී තොරන් පවා ඉදිකර තිබෙන අයුරු දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම හෙලිකොප්ටරයක් යොදාගෙන ඉන් මල් වරුසා වැස්සවීමටද සංවිධායකයින් කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් සාමාන්‍ය පුද්ගලයෙකුට තමන්ගේ පවුලේ අය හෝ සහභාගීකරගෙන අවමගුල් උත්සවයක් පැවැත්වීමට අවසර නොලැබෙන කාලයක සමාජයේ ඇති හැකි පුද්ගලයන්ට ක්‍රියාත්මක වන ‘එක රටක් නීති දෙකක්’ සංකල්පය පුදුම සහගත නොවන බව සාමාන්‍ය ජනතාවට වැටෙහනු ඇති.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...