26 C
Colombo
Tuesday, April 30, 2024

කාමුක නවකතාකාරියක් නිසා ස්පාඤ්ඤ බිෂොප්වරයා පල්ලිය අත හරියි

- Advertisement -

පසුගිය මාසයේ ඉල්ලා අස්වූ ස්පාඤ්ඤයේ රදගුරු සේවියර් නොවෙල්ගෙ ඉල්ලා අස්වීමට විස්තර කළ නොහැකි පෞද්ගලික කරුණු රාශියක් හේතුවී ඇතැයි රෝමානු කතෝලික පල්ලිය ප්‍රකාශ කර තිබේ.

ඔහු සාතන් ස්වරූපයෙන් යුත් කාමුක ප්‍රබන්ධ ලියන කතුවරියක සමඟ ආදරයෙන් වෙළී ඇතැයි යන්න මේ වන විට ස්පාඤ්ඤ මාධ්‍ය තුළ දැඩි ලෙස කතා බහට ලක්ව ඇත.

2010 වසරේ දී 41 හැවිරිදි නොවෙල් කැටලෝනියාවේ ඊසානදිග කලාපයේ සොල්සෝනා හි ලාබාලතම රදගුරු බවට පත් විය.

ස්පාඤ්ඤයේ කතෝලික පල්ලියේ නැගී එන තරුවක් ලෙස සැලකෙන ඔහු වතිකානුවේ අනුමැතිය ඇතිව පසුගිය මාසයේ ඉල්ලා අස්වීමට ගත් තීරණය සියල්ලන් මවිත කරනු ලැබීය.

ඔහු වතිකානුවේ නිලධාරින් මෙන්ම පාප් වහන්සේ ද කිහිප වරක් මුණගැසී ඇති බව පැවසේ.

සමලිංගිකත්වය පිළිබඳ දැඩි අදහස් හා කැටලෝනියානු නිදහස සඳහා විවෘතව සහයෝගය දැක්වීම හේතුවෙන් ඔහුගේ අදහස් නිරන්තරයෙන් මතභේදයට තුඩු දුන්නේය.

මනෝවිද්‍යාඥවරියක් සහ ශෘංගාරාත්මක නවකතාකාරිනියක් වන සිල්වියා කබලෝල් සමඟ ඔහුගේ සම්බන්ධය සමාජය ඉමහත් කම්පනයට පත් කර ඇතැයි සඳහන් වේ.

ඒ අතර හිටපු රදගුරුතුමන් මේ වන විට කෘෂි විද්‍යාඥයෙකු ලෙස බාර්සිලෝනා ප්‍රදේශයේ රැකියාවක් සොයන බව ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...