33 C
Colombo
Thursday, May 2, 2024

එදා “මෝඩ යකෙක්” කියපු උදිත් ලොකුබණ්ඩාරව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධූරයට පත් කරලා

- Advertisement -

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා පත්කර තිබෙනවා.

ඒ මහතාගේ පත්කිරීමට අදාළ ලිපිය අද (09) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලිය ගහ මන්දිරයේදී ලබාගෙන ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

උදිත් සංජය ලොකුබණ්ඩාර මහතා හිටපු කතානායකවරයෙක් වූ විජමු ලොකුබණ්ඩාර මහතාගේ දෙවෙනි පුත්‍රයා වනවා.

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2009 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ උදිත් ලොකුබණ්ඩාර මහතා 2015 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා.

2015 මැතිවරණයෙන් පසුව උදිත් ලොකුබණ්ඩාර මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළා.

එහිදී 2018 වසරේ දිනෙක මාධ්‍යවේදීන් ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා උදිත් ලොකුබණ්ඩාර මහතාට “මෝඩ යකෙක් මූ” ලෙසද බැණ වැදීම එකළ සමාජ මාධ්‍යවල දැඩි කතාබහකට ලක්වුණා.

RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...