31 C
Colombo
Saturday, May 4, 2024

බුකර් සම්මානයේ අවසන් වටය සඳහා පළමු වරට ශ්‍රී ලාංකිකයකුගේ නවකතාවක් නිර්දේශ වෙයි

- Advertisement -

ඉංග්‍රීසි සාහිත්‍යයේ නොබෙල් ත්‍යාගයට පමණක් දෙවැනි වන බුකර් සම්මානයේ අවසන් වටය සඳහා පළමු වරට ශ්‍රීලාංකිකයකුගේ නවකතාවක් නිර්දේශ වී තිබෙනවා. ඒ අනුක් අරුද්ප්‍රගාසහ් විසින් රචිත “A Passage North” නවකතාවයි.

මෙරට පැවති සිවිල් යුද්ධය නිසා දැඩි කම්පනයට පත්ව නැවත යථා තත්වයට පත්වූ දෙමළ ජාතිකයකු වටා මෙම නවකතාව ගෙතෙනවා.
මෙය අනූක් ලියූ දෙවන නවකතාවයි.

අනුක්ගේ ප්‍රථම නවකතාව “A story of a brief marriage”(2016) වන අතර එය භාෂා කිහිපයකට පරිවර්තනය වුණා.

මීට පෙර ලාංකේය නවකතාකරුවකු ලෙස මයිකල් ඔන්ඩච්චිගේ “The English Patient ” නවකතාව සඳහා 1992 බුකර් සම්මානය හිමි වුවත් ඔහු ශ්‍රී ලංකාවේ උපත ලද කැනේඩියානු සම්භවයක් සහිත පුද්ගලයෙක්.

බුකර් ජාත්‍යන්තර සාහිත්‍ය සම්මානය පිදෙන්නේ ඉංග්‍රීසියෙන් රචනා කරන ලද සහ ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබූ නවකතා සඳහායි. පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල සහ අයර්ලන්තයේ නවකතා මේ සඳහා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වනවා.

2021 බුකර් සම්මාන උළෙලේ ජයග්‍රාහකයා නොවැම්බර් 03වනදා නිවේදනය කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...