29.4 C
Colombo
Wednesday, May 8, 2024

ඥානසාර හිමිගේ ප්‍රකාශයට උලමා සංවිධානයත් පරීක්ෂණයක් ඉල්ලයි

- Advertisement -

පසුගිය සඳුදා දින රූපවාහිනී දේශපාලන වැඩසටහනකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන්ට අදාලව පරීක්ෂණයක් සිදුකරන ලෙස සමස්ත ලංකා ජමියියතුල් උලමා සභාව ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා ජමියියතුල් උලමා සභාවේ මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් මහතා පවසන්නේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ මෙම ප්‍රකාශය පොදු ජනතාව අතර මහත් භීතියක් සහ සංත්‍රාසයක් ඇති කර ඇති බවයි.

එම නිවේදනය පහතින්,

‘පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව මෙන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් මෙරටට නැවත නුදුරු අනාගතයේදීම එල්ල විය හැකි යැයි 2021.09.13 වැනි දින නාලිකාවක විකාශය කෙරුණු  සංවාදාත්මක වැඩසටහනක දී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් පුවත්පත් වාර්තා ද පළ වී ඇති බව අප නිරීක්ෂණය කළෙමු.

ඥානසාර ස්වාමීන් වහන්සේගේ මෙම ප්‍රකාශය පොදු ජනතාව අතර මහත් භීතියක් සහ සංත්‍රාසයක් ඇති කර තිබේ. කෙසේ වුවද, පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා ඇති වූ ජීවිත විනාශය, ඉන්පසුව මෙරට ජනතාවට ඇති වූ ප්‍රශ්න සහ අභියෝග පිළිබඳව ද අපි හොඳින් දනිමු.

එබැවින්, අදාළ නිලධාරීන් ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකොට, ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර සමගිය තහවුරු කිරීම පිණිස අදාළ පියවර ගන්නා ලෙසත්, එම ප්‍රකාශයේ සත්‍ය-අසත්‍ය බව ජනතාවට හෙළිකරන ලෙසත් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

තවද, ඉහත සඳහන් කළ ස්වාමීන් වහන්සේ විසින්  ඉස්ලාමය පිළිබඳ නගා ඇති පදනම් විරහිත චෝදනාවලට අදාල පැහැදිලිකිරීම් හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ජමියියතුල් උලමා සභාව


RECENT ARTICLES - SINHALA

අහුංගල්ලේ වෙඩි තැබිමක්

අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව පොලීසිය පවසනවා. වෙඩිතැබීම සිදුව ඇත්තේ අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේදී. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහල වෙත ඇතුළත්...

ලොක්කෝ දෙන්නෙක්ට හදිසි කැඳවීමක්

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලක ජනරාල්වරයා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා හෙට (09) දිනයේ කැඳවීමට...

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...