33 C
Colombo
Saturday, May 4, 2024

ඵලදායී නොවන චීන එන්නත් නිසා ලොව පුරා කොවිඩ් මර්දන වැඩසටහන් බිඳ වැටෙයිද?

- Advertisement -

ලොව විශාලතම කොවිඩ්19 මර්දන එන්නත් නිෂ්පාදකයා බවට චීනය පත්ව තිබෙනවා. එන්නත් ප්‍රදානය කරමින් ගොඩනඟා ගන්නා රාජතාන්ත්‍රික සුහදතාවය යටතේ චීනය ලොව බොහෝ දුප්පත් රටවලට කොවිඩ්19 මර්දන එන්නත් සපයනවා. කෙසේවෙතත් එම රටවල් බොහොමයක් මේ වන විට වන විට චීන එන්නත් භාවිතය අත්හිටුවා තිබෙන්නේ කොවිඩ් ආසාදිතයන්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන්.

ප්‍රධාන වශයෙන් සිනෝෆාර්ම් සහ සිනොවැක් එන්න ද්විත්වය කොරෝනා වෛරසය පාලනයට ඵලදායී නොවන බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. චීන එන්නත් භාවිතය අත්හිටවූ හෝ එය වෙනත් බාහිර බටහිර රටක නිෂ්පාදිත එන්නතක් සමග මිශ්‍ර කරන රටවල් අතර බ්‍රසීලය, බහරේනය, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ දකුණු කොරියාව වනවා.

2021 මැද භාගය වන විට ලභාගය වන විට ලොව විශාලතම කොවිඩ්19 මර්දන එන්නත් සැපයුම්කරුවා වන්නේද චීනයයි. නමුත් මේ වන විට චීන එන්නත් අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදීම හේතුවෙන් බොහෝ රටවලට බටහිර රටවල නිෂ්පාදිත විකල්පයන් වෙත යොමු වීමට සිදුව තිබෙනවා.

ලොවපුරා රට පුරා රටවල් 174 ක භාවිතා කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනිකා ලොව වැඩිම රටවල් ප්‍රමාණයක භාවිතා කෙරෙන කොවිඩ්19 මර්දන එන්නත වනවා. සිනෝෆාර්ම් රටවල් 64කත් සිනොවැක් රටවල් 34කත් භාවිතා කෙරෙනවා.

පසුගිය ජූනි මාසයේ දී චීන පැවසුවේ සිනොවැක් එන්නත බ්‍රසීලයේදී 95%ක ඵලදායිතාවක් පෙන්නුම් කර ඇති බවයි. එය කොවිඩ්19 මර්දන වැඩසටහනේ සන්ධිස්ථානයක් ලෙසයි හඳුන්වනු ලැබුවේ. කෙසේවෙතත් බ්‍රසීලය මේ වනවිට සිනොවැක් මාත්‍රා මිලියන 12ක් භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. එන්න තොර අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බ්‍රසීල සෞඛ්‍යය නියාමන කාර්යාංශය (ANVISA) පැවසුවේ ජනතාව සෞඛ්‍ය අවදානමකට ලක්වීම වැළැක්වීමේ අරමුණින් තහනම පැන වු බවයි.

බ්‍රසීලයේ Moniz Institute සහ Federal University of Bahila සිදුකළ අධ්‍යනයක් මගින් පෙන්වා දී තිබුණේ සිනොවැක් ප්‍රධාන එන්නත ලෙස භාවිත කළ අවධියේ රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි. එසේම චීන එන්නද ජ්‍යේෂ්ඨ පුරවැසි මරණ සංඛ්‍යාව අඩු කිරීමට අසමත් වී ඇති බවද ඒවා අධ්‍යයනයේ දී අනාවරණය වී තිබෙනවා.

මීට අමතරව චීන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් ආසාදිත වීමේ සිද්ධීන් ද වාර්තා වී තිබෙනවා. ඒ අනුව බ්‍රසීල බලධාරීන් දෙවන මාත්‍රාව ලබා නොගත් පිරිසක් සිටියදීම තුන්වන මාත්‍රාවක් ලබා දීමද ආරම්භ කළා.

බහරේනය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සිංගප්පූරුව, සීෂෙල්ස්, තුර්කිය වැනි රටවල් ගණනාවක්, චීන එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තද අවදානම් කාණ්ඩයේ සිටින පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාවක් ලෙස ෆයිසර් හෝ වෙනත් බටහිර රටක නිෂ්පාදිත එන්නත් මාත්‍රාවක් ලබා දීම ආරම්භ කර තිබෙනවා . තුර්කි ජනාධිපති රෙජීප් ටයීප් ඇර්ඩොවාන් (Recep Tayyip Erdogan)ටද තුන්වන මාත්‍රාවක් ලබා ගැනීමට සිදු වුණා.

යුරෝපා සංගමය චීන එන්නත් සම්බන්ධයෙන් දැරුවේ සැකමුසු ස්ථාවරයක්. සිනොවැක් එන්නත ලබාගත් සංචාරකයන්ට රටට ඇතුළුවීමට අවසර ලබාදී තිබුණේ යුරෝපා සංගමයට අයත් රටවල් 8ක් පමණයි. යුරෝපා සංගම් සාමාජික රටක් වන හංගේරියාව සිදුකළ අධ්‍යයනයකදී අනාවරණය වී තිබුණේ සිනෝෆාර්ම් මගින් ලැබෙනුයේ දුර්වල ආරක්ෂාවක් බවයි.

චීනයේ ඉහළ පෙළේ වෛද්‍යවරයෙක්ද පසුගිය අප්‍රේල් මාසයේදී මෙවැනිම නිරීක්ෂණයක් සිදුකර තිබුණා. චීන එන්නතේ අඩු ඵලදායිතාව පිළිබඳ අදහස් පළ කරමින් චීන රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Gao Fu පැවසූයේ වත්මන් එන්නතෙහි ඵලදායීතාව අඩුවීමේ ගැටලුව කඩිනමින් විසඳන බවයි.

ඩෙල්ටා ප්‍රභේදයට ආරක්ෂාවක් සැපයීමක් සිදු නොවන බැවින් මේ වන විට චීන එන්නත වෙනුවට ජර්මනියේ ෆයිසර්, ඇමෙරිකාවේ මොඩර්නා සහ එක්සත් රාජධානියේ ඇස්ට්‍රොසෙනිකා භාවිතයට ලොව රටවල් යොමු වී තිබෙනවා

බහරේන් සෞඛ්‍ය අධිකාරීන් සහ කොලොම්බියා විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සිදුකළ අධ්‍යනයක දී හෙළිව ඇත්තේ ෆයිසර් එන්නත ලැබූ පුද්ගලයන්ට සාපේක්ෂව සිනෝෆාර්ම් එන්නත ලැබූ පුද්ගලයින් ආසාදිත වීම, රෝහල් ගතවීම, දැඩි සත්කාර ඒකක පහසුකම් අවශ්‍ය වීම සහ මියයාමේ වැඩි අවදානමක් ඇති බවයි.

චීනයේ අසල්වැසියන් වන මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල් ද මේ වන විට සිනෝෆාර්ම් හා සිනොවැක් අසාර්ථක බව පිළිගෙන තිබෙනවා.

තායිලන්තයේ නිවේදනය කළේ චීන එන්නත් දුර්වල වීම හේතුවෙන් තමන් බටහිර එන්නත් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි. ඉන්දුනීසියාවේ චීන එන්නත ලබාගත් වෛද්‍යවරු 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට චීන එන්නත් මාත්‍රා 2කම ලබාගත් සිය දහස් ගණනක් සේවකයන්ට කොවිඩ්19 ආසාදිත බව පසුව සොයා ගත්තා. නව ප්‍රභේද සම්බන්ධයෙන් දැක්වූ අඩු ඵලදායීතාව හේතුවෙන් මැලේසියාව සිනොවැක් එන්නත් මාත්‍රා ලබාදීම මේවනවිට නතර කර තිබෙනවා.

පෙරදී චීනය මත වැඩි බලාපොරොත්තු තබාගෙන සිටි දකුණු ආසියානු රටවල් රැසක් මේ වන විට නිසි එන්නත්කරණයකින් සිය පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා. චීන එන්නත් පිළිබඳ මහජන විශ්වාසය වේගයෙන් බිඳවැටීම හේතුවෙන් ඵලදායී එන්නත් සඳහා එක්සත් රාජධානිය සහ ඇමරිකාව වෙත යොමු වන්නටයි එම රටවලට සිදුව තිබෙන්නේ.

චීන එන්නත් ඵලදායී නැතැයි නැගෙන චෝදනා හේතුවෙන් මැලේසියාව නිවේදනය කළේ චීන එන්නත් වෙනුවට බටහිර එන්නත් ආදේශ කරන බවයි. චීනයේ ප්‍රබල ආධාරකරුවෙක් වන කාම්බෝජය පවා බටහිර පාර්ශව වැඩිදියුණු කරන ලද එන්නත්වලට මාරු වෙමින් සිටිනවා.

චීනය එන්නත් නිෂ්පාදනය කර ප්‍රමාණවත් දත්ත නොතිබුණු තත්ත්වයකදී වුවද එහි ඵලදායීතාවය අවධාරණය කරමින් සිදුකළ ප්‍රචාරණයට වඩා යථාර්ථය මුළුමනින්ම වෙනස් බව පැහැදිලි වන්නේ යැයි සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ Chong Ja Ian පවසනවා.

සිංගප්පූරුවේ වැඩිදෙනෙක් මුලින්ම සිනොවැක් එන්නත ලබාගත්තද ප්‍රතිශක්තිය තවදුරටත් දුර්වලවීම හේතුවෙන් විකල්පයක් වෙත යොමු වීම සම්බන්ධයෙන් සිතා බැලීමට ඔවුන්ට සිදු වුණා.

සිනොවැක්මාත්‍රා දෙකම ලබා ගත් පසු ඔවුන් සිදුකළ රුධිර පරීක්ෂණයේ දී ප්‍රතිදේහ මට්ටම පහළ අගයක් ගැනීම හේතුවෙන් තුන්වන මාත්‍රාවක් ලෙස ෆයිසර් ලබා ගැනීමට සිදු වූ බව සිංගප්පූරු වෛද්‍යවරයෙක් වන Leaong Hoe Nam පවසනවා.

RECENT ARTICLES - SINHALA

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...