27.9 C
Colombo
Tuesday, April 30, 2024

මාළු අල්ලපු එ.ජා.ප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අත්අඩංගුවට

- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිඩ්නි ජයරත්න මහතා ඇතුළු පිරිසක් සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වාඩි ගසා මසුන් අල්ලමින් සිටියදී පෙරේදා (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොළොන්නරුව වනජීවී වැටලීම් ඒකකය පවසන්නේ අදාළ වැටලීමේදී සිඩ්නි ජයරත්න මහතා ඇතුළු තවත් පුද්ගලයින් 15 දෙනෙක් වනෝද්‍යානයේ මසුන් අල්ලමින් සිටි බවයි.

අත්අඩංගුවට ගත සැකකරුවන් ළඟ තිබී යතුරු පැදි 8 ක්, මාළු දැල්, හට්ටි, මුට්ටි, ටෙන්ට්, තියුණු ආයුධ ඇතුළු උපකරණ කිහිපයක්ද වනජීවි නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අනවසරයෙන් සෝමාවතිය වනෝද්‍යානයට ඇතුළුවී ඇත්තේ මාළු ඇල්ලීමට අමතරව, සතුන් දඩයම් කිරීමට, නිදන් සෙවීමට හෝ වෙනත් නීතිවිරෝධී කටයුත්තකටදැයි යන්න පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොළොන්නරුව අඩවි සහකාර එස්.ඒ.වික්‍රමරත්න මහතා පවසනවා.

සෝමාවතිය වනෝද්‍යානයට නීතිවිරෝධීව ඇතුළුවීම, වාඩි තැනීම, ගිනි පත්තුකිරීම, ගිනි රැගෙනයාම, මාර්ගයක් භාවිතා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙම පිරිස හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...