32 C
Colombo
Monday, April 29, 2024

මම ඒ රූ රැජිණව දන්නෙවත් නැහැ – ඇමති ලොහාන්

- Advertisement -

තමන් පසුගිය 12 වනදා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගිය නමුත් එම බන්ධනාගාර තුළට කාන්තාවක් හෝ මිතුරන් ගෙනයාමක් සිදු නොවූ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස පරික්ෂා කිරීමට ගිය නමුත් එම අවස්ථාවේ බීමතින් නොසිටි බවත් එය බැලීමට තමන් සමඟ කිසිදු මිතුරෙකු හෝ කාන්තාවක නොගිය බවද අමාත්‍යවරයා සදහන් කරනවා.

එය ස්ථානයට ගිය බවට රූ රැජිණකගේ නමක් සඳහන් වුවද එවැයි අයෙක් තමන් හදුනන්නේවත් නැති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ යැයි දිනමිණ පුවත්පත වාර්තා කරනවා.

තමන් අනුරාධපුර බන්ධනාගාරයේද පසුගිය 12 වනදා නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත් එහිදී බන්ධනාගාරය තුළට පිස්තෝලයක් තබා ජංගම දුරකථනය හෝ රැගෙන නොගිය බව අමාත්‍යවරයා සදහන් කරනවා.

බන්ධනාගාරයකට ගොස් සිරකරුවන්ගේ හිසට පිස්තෝල තබා තර්ජනය කිරීමට තරම් තමන් මෝඩයෙකු නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ජිනීවා සමුළුව පවතින වේලාවක් තුළ දෙමළ ඩයස්පෝරාව තමන්ට එල්ල කළ ප්‍රහාරයක් ලෙස මෙය සළකන බවයි ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...