29 C
Colombo
Saturday, May 4, 2024

ආණ්ඩුව විකුණපුවා අපි ආපහු ගන්නවා – වාසු

- Advertisement -

කෙරවලපිටිය බලාගාරය සහ එල්.එන්.ජී සැපයුම අමෙරිකානු සමාගමකට විකිණීමට ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඇමරිකාවේ සිට මෙරටට පැමිණි වහාම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසනවා.

ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ කිහිපයක් ඊයේ (20) පස්වරුවේ කොළඹදී හදිසි සාකච්ඡාවක් පවත්වා තිබූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

කොළ කැබැල්ලක් අත්සන් කළ පමණින් එය දේශපාලන තීන්දුවක් නොවන බවත් මෙම තීන්දුව කැබිනට් මණ්ඩලයේ පවා එතරම් සාකච්ඡා නොවූ බවත් ඔහු පවසනවා.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඇතුළුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් සහභාගීව තිබෙන අතර දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, මහාචාර්ය තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ යන මැති ඇමතිවරුන් සමග පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද සහභාගි විය.


RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...