30 C
Colombo
Sunday, May 5, 2024

තමන්ගේ වරප්‍රසාද කැඩූ CID ස්ථානාධිපති සම්බන්ධව මනුෂ පරීක්ෂණයක් ඉල්ලයි

- Advertisement -

නිශ්චිත කරුණු දැක්වීමකින් තොරව තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බවට සාධාරණ සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ, අද (21) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින්.

එහිදී ඔහු සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

”අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක වෝහාරික අංශය මගින් සිදුකරන ලබනු බව ප‍්‍රකාශ කරන විමර්ශනයකට අදාල තොරතුරු ලබාගැනීම සදහා ඩිජිටල් වෝහාරික විද්‍යාගාර ස්ථානාධිපති හමුවීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නාරාහේන්පිට පොලිස් ස්ථානය හරහා මා වෙත කැදවීමක් ලැබී තිබුණි.

කවුරුන් විසින් කරනු ලැබූ කුමන ආකාරයේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා මාගෙන් තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන්නේද යන්න නිශ්චිතව එම කැදවීමේ සදහන් කර නැත. ඒ ආකාරයට තොරතුරු ලබාගැනීමට අපේක්ෂිත කරුණු ගැන කිසිදු සදහනක් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවීම සිවිල් පුරවැසියෙක් ලෙස මාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස මාගේ වරප‍්‍රසාද උල්ලංඝනය කිරීමකි.

ඒ අකාරයට නිශ්චිත හේතුවක් නොදන්වනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීම රටේ පවතින පොදු නීති පද්ධතිය ඉක්මවා යමින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ගයකි.

රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේදී කරනු ලබන ප‍්‍රශ්න කිරීම් නතර කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු දඩයම් කිරීම සදහා මෙවැනි කැදවීමක් කර ඇත්දැයි යන්න ගැන සාධාරණ සැකයක් මතුවන බව ඔබතුමාගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.

මේ සම්බන්ධයෙන් මාගේ නීතීඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් වැඩිදුර කරුණු විමසා සිටියෙමි. ඒ අනුව කුමන පරීක්ෂණයකට අදාල කරුණු හෙළිදරව් කළ යුතුද යන්නත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ කිසියම් පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේද යන්නත් විමසුවෙමි.

කිසියම් අයෙක් පැමිණිලලක් කර තිබේනම් පැමිණිල්ල කර ඇති නිශ්චිත කරුණ කුමක්ද යන්නත්, එවැනි පැමිණිල්ලක් නොමැති නම් ස්වයං මෙහෙයවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනයක් ආරම්භ කිරීමට හැකියාව තිබේද යන්නත් ප‍්‍රශ්න කළෙමි.

කිසියම් විමර්ශනයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා කැදවීමක් කරන්නේ නම්, අදාළ විමර්ශනය ගැන නිශ්චිත කරුණු දැක්වීමක් කළ යුතු බව සේනාරත්න එදිරිව පුන්‍යා ද සිල්වා (1995) ශ‍්‍රී එල්.ආර්.නඩු තීන්දුවෙන් පැහැදිළිව සදහන්ව තිබියදීත් කරුණු විමසීමට යැයි පවසමින් මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවනු ලබන්නේ පාර්ලිමේන්තු කටයුතු සදහා මාගේ සක‍්‍රීය දායකත්වය ලබාදීම වැලැක්වීමේ අරමුණින් යැයි සාධාරණ සැකයක් මතුවේ.

නිශ්චිත විමර්ෂනයක් ගැන නොදන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට මැ කැදවන්නේ,පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගීවීම හා අනෙකුත් පාර්ලිම්න්තු කටයුතුවලට සකී‍්‍රය දායකත්වය ලබාදීමට ඇති අවස්ථාව වැලැක්වීමට බව මාගේ විශ්වාසයයි.

ඒ නිසා නිශ්චිත කරණු දැක්වීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම මගින් මාගේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද උල්ලංඝනය වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ ඩිජිටල් ව්‍යෝහාරික විද්‍යාගාර ස්ථානාධිපති පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුව හමුවට කැදවා පරීක්ෂණයක් කරන ලෙසත්, ඔවුන්ගේ ක‍්‍රියාවන් මගින් මාගේ පාර්ලිමේන්තු වරප‍්‍රසදා උල්ලංඝනය වී ඇති බවත් සදහන් කරන නියෝගයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.”

ඔහුගේ ප්‍රකාශයෙන් පසුව මෙම වරප්‍රසාද ප්‍රශ්නය වරප්‍රසාද කමිටුව වෙත යොමුකරන බව කථානායකවරයා දන්වා සිටියා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...