29 C
Colombo
Thursday, May 2, 2024

නීති කැඩුවොත්- පොලිසියට ෆේස්බුක් තොරතුරු දෙයි

- Advertisement -

ශ්‍රී ලංකා පොලිසියට සිය පරිශීලකයන්ගේ තොරතුරු පහසුවෙන් ලබා ගත නොහැකි නමුත් යම් කෙනෙකු රටේ නීතියක් උල්ලංඝනය කර ඇත්නම් පමණක් ශ්‍රී ලංකාවේ පොලීසියට තොරතුරු ලබා දෙන බව ෆේස්බුක් සමාගමේ ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රධානී ඇම්බර් හ්වෝක්ස් අන්තර්ජාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා තිබුණා.

ඇත්තෙන්ම ඇය පෙන්වාදුන්නේ පොලීසියට හිතුමතේට, නිදහසේ ෆේස්බුක්හි ඇති පෞද්ගලික තොරතුරුවලට ප්‍රවේශ විය නොහැකි බව.

එහෙත් එහිදී ඇගේ පැහැදිලි කිරීම් අනුව පෙනී යන්නේ යම් පුද්ගලයෙකු ලංකාවේ දේශීය නීතියක් කඩ කර ඇති බව දැනුම්දීමෙන් පසුව ෆේස්බුක් සමාගම සතු තොරතුරු පොලීසියට ලබාගත හැකි බව. ඇය පැහැදිලි කළේ මේ ආකාරයට.

‘පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු අප සතුව තිබෙනවා. ඔවුන්ට (පොලිසියට) අපගෙන් තොරතුරු ඉල්ලා සිටිය හැක්කේ ඔවුන් (ගිණුම් හිමියන්) දේශීය නීති උල්ලංඝනයක් සිදු කර ඇත්නම් පමණයි. එවැනි ඉල්ලීමකදී අපගේ කණ්ඩායමේ අදාළ නීති පිළිබඳව අධ්‍යයනයක් සිදු කරනවා. ඒ සඳහා පුහුණුව ලත් පිරිසක් අප සතුව සිටිනවා. එය අන්තර්ජාතික නෛතික රාමුවක්. ෆේස්බුක් හි පළවන තොරතුරු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නම් පොලිසිය අදාළ ක්‍රියාවලිය හරහා ගමන් කළයුතුයි.’

මේ වනඑම පවිට ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පරිශීලිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීමට එම පුද්ගලයන් කුමක්හරි නීතියක් කැඩුවා කියා චෝදනා කරමින් අත්අඩංගුවට ගන්නා බවට රට තුළ අදහසක් පවතිනවා. මෑත දිනවල සමාජ මාධ්‍යවල අදහස් දක්වන පුද්ගලයන්ට තර්ජනාත්මක ස්වරයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ඇතුළු නිලධාරීන් කළ අදහස් දැක්වීම් එම හැඟීමට හේතු වෙලා. ඒ අනුව යම්කිසි නීතියක් කැඩූ බව ප්‍රකාශ කරමින්, ආණ්ඩුවට අවශ්‍ය පුද්ගලයන්ගේ පෞද්ගලික ෆේස්බුක් තොරතුරුවලට පිවිසේවිදැයි සැක කිරීමේ ඉඩක් තියෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...