33 C
Colombo
Saturday, May 4, 2024

UPDATE : ගින්න ලිපිගොනු කාමරේ ; වෙඩි හඬ දිගටම

- Advertisement -

ප.ව.7.45

මහර බන්ධනාගාරයේ ගින්න හටගෙන ඇත්තේ එහි ලිපිගොනු ගබඩාවේ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

ගින්න අතරතුර තවදුටරත් බන්ධනාගාරය දෙසින් වෙඩි හඬ ඇසෙන බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.


මහරින් යළිත් වෙඩි වරුසාවක්

ප.ව.7.33

මහර බන්ධනාගාරයෙන් යළිත් වරක් වෙඩි ශබ්ද රැසක් ඇසුණු බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේය.

‘එක දිගටම රතිඤ්ඤා සද්දෙ වගේ සද්ධ ගොඩක් ඇහුණා. හරියට මල්වෙඩි දැම්මා වගේ.’ යැයි අසල්වැසියෙක් පැවසීය.

බන්ධනාගාරයේ ගින්නක් ද හටගෙන ඇති අතර ගින්න තවමත් අවසන්ව නැත.


වෙඩි තැබීමෙන් පසු මහර ගින්නක්

ප.ව.7.15

මහර බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීමෙන් පසු ගින්නක් හටගෙන ඇතැයි news19 වාර්තාකරු සඳහන් කළේය.

මේ වනවිට ගිනි නිවන ඒකකවලින් එම ස්ථානයට කැඳවා තිබේ.


රතිඤ්ඤා දානවා වගේ දිගටම වෙඩි සද්ද ඇහුණා – ඇසින් දුටුවෙක්

ප.ව.7.05

මහර බන්ධනාගාරය තුලින් බොහෝ වේලා යන තුරු වෙඩි ශබ්ද ඇසුණු බව සිද්ධිය දුටුවෙක් news19 වෙත පැවසීය.

‘අපි හිතුවේ රතිඤ්ඤා දානවා කියලා. පස්සේ දැන ගත්තේ වෙඩි තිබ්බා කියලා. බොහෝ වේලාවක් යනකං වෙඩි ශබ්ද ඇහුණා. පස්සේ පොලිසියෙනුත් බන්ධනාගාරය ගාවට ආවා.’ යැයි ප්‍රදේශවාසියෙක් news19 සමඟ සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වනවිට ගැටුම පාලනය කර ඇති බව news19 ප්‍රාදේශීය වාර්තාකරු කීවේය.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් තවත් සිටීදැයි කළවිමසීමක දී උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ එවැන්නක් මේ වන තෙක් වාර්තා වී නැතත් වැඩිදුරටත් සොයා බලන බවයි.

මේ වනවිට මහර බන්ධනාගාරය අසලට ගිලන්රථ පැමිණ ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.


මහර වෙඩි තිබ්බේ පළායද්දී ; කොවිඩ් නිසා ඉඩ මදිවෙලා

ප.ව.6.55

මහර බන්ධනාගාරයේ රැඳවියන්ට වෙඩි තිබ්බේ ඔවුන් පැන යෑමට තැත්කරද්දී බව උසස් පොලිස් නිලධාරියෙක් news19 වෙත පැවසීය.

‘බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයන් රැසක් එකවර වාර්තා වුණා. ඒ සමඟ රැඳවියන් කළබලයට පත් වෙලා තිබෙනවා. දැනට ඇති තොරතුරු අනුව ඔවුන් බන්ධනාගාරයේ ඉඩ මදි කියලා පැනලා යන්න හදද්දියි වෙඩි තැබීම වෙලා තියෙන්නේ. ‘ යැයි එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.

මේ වන විට පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන ආරම්භ කර ඇතැයි ද එම නිලධාරියා news19 වෙත පැවසීය.


මහර වෙඩි තැබීමෙන් රැඳවියකු මරුට ; තිදෙනකුට තුවාල

ප.ව. 6.45

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් පාලනය කිරීම සඳහා බන්ධනාගාර ආරක්ෂකයන් බලය භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රැඳවියකු මිය ගොස් තිදෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අද සවස මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර ප්‍රදේශවාසියකු සඳහන් කළේ පැයකට ආසන්න කාලයක් යනතුරු වෙඩි හඬ ඇසුණු බවයි.

බන්ධනාගාරය අසලට මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා ඇතැයි News19 ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේය.

තුවාල ලැබූ රැඳවියන් රෝහල් ගත කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

බන්ධනාගාරයේ කළබලකාරී තත්ත්වය තවමත් පවතින බව දැනගන්නට තිබේ.

සබැඳිපුවත්

මහර බන්ධනාගාරය තුළ ‍‍‍‍‍‍වෙඩි තැබීමක්

RECENT ARTICLES - SINHALA

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහුට...

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...