28 C
Colombo
Friday, May 3, 2024

“මැණිකේ මගේ හිතේ” ඉන්දීය මැතිවරණ ව්‍යාපාරයට

- Advertisement -

ඉන්දියාවේ බෙංගාලයේ තීරණාත්මක අතුරු මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා මමාතා බැනර්ජිගේ මැතිවරණ ව්‍යාපාරයට ‘මැණිකේ මගේ හීතේ’ ගීතය යොදාගෙන ඇති බව NDTV වාර්තා කර සිටියි.

සමස්ත ඉන්දීය ත්‍රිණමූල් කොංග්‍රසයේ (ඒඅයිටීසී) සභාපතිනි මමාතා බැනර්ජි වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම සංගීත වීඩියෝව ‘බැන්ග්ලෝර් ගොර්බෝ මාමාතා’ නම් කණ්ඩායමක් විසින් ෆේස්බුක් හි පළකර තිබුණි.

මෙය නිර්මානය කළ රාජේෂ් චක්‍රවර්ති, ඉන්දියා ටුඩේ පුවත්පත වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මමතා බැනර්ජි වෙනුවෙන් උපහාරයක් දැක්වීම සඳහා තමා මෙය නිර්මාණය කළ බවයි.

“මම පක්ෂ සාමාජිකයෙක් නොවේ. මම මමාතා බැනර්ජිගේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ රසිකයෙක් පමණයි” යනුවෙන් රාජේෂ් චක්‍රවර්ති පවසයි.

මැණිකේ මගේ හිතේ ගීතය භාවිතයෙන් මෙය නිපදවා ඇති අතර බෙංගාලි භාෂාවෙන් “හිතේ” යන්නෙන් අදහස් කරන්නේ සහාය දීම හෝ සහතික කිරීම යන්නයි.

මැණිකේ මගේ හිතේ ගීතයේ මුල් ගායනය 2020 දී සතිෂාන් රත්නායක න් සිදුකළ අතර මැයි මාසයේදී යොහානි දිලෝකා ද සිල්වාගේ නව ගායනයෙන් පසුව එය මෑතකදී ඉතා ජනප්‍රිය විය.

බටහිර බෙංගාල මහ ඇමතිනි බැනර්ජි හට, ඇයගේ තනතුරේ රැඳී සිටීමට නම් සැප්තැම්බර් 30 භබානිපෝර් අතුරු මැතිවරණයෙන් ජයග්රහණය කළ යුතුව පවතියි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...