30 C
Colombo
Thursday, May 2, 2024

ගුරුවරුන්ට අපහාස කළ කෝපිකඩෙන් ‘සෝමදාස’ ඉවත් වේ

- Advertisement -

කෝපිකඩේ ටෙලිකතා මාලාවේ ‘සෝමදාස’ගේ චරිතයට පණ පෙවූ තිලක් කුමාර රත්නායක මහතා එම චරිතයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ගුරුවරුන්ට දැඩි ලෙස අපහාස කරමින් විකාශය වූ කෝපිකඩේ කථාංගයෙන් පසුව, තමන් වසර 35ක් පුරාවට රංගනයෙන් දායකත්වය සැපයූ එම චරිතයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් එක් කරමින් ඔහු පවසා සිටියේ.

ගුරුවරුන් කසිප්පු වලට සහ බත් පැකට් වලට උද්ඝෝෂණය කරන්නන් මෙන් හුවා දක්වමින් විකාශය වූ එම කථාංගයේ පිටපත පිටපත් සමීක්ෂණ මණ්ඩලයටවත් ඉදිරිපත් නොකොට අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත මත නිර්මාණය කර රෑගත කළ එකක් බවට තමන් විශ්වාස කරන බවත් ඔහු පවසා සිටිනවා.

කලක පටන් ‘කෝපිකඩේ’ දේශපාලනීකරණය වන අයුරු තමන් නිරීක්ෂණය කළ බවත්, එබැවින් තමන් මෙම තීරණය ගත් බවත් වැඩිදුරටත් තිලක් කුමාර රත්නායක මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...