29 C
Colombo
Saturday, May 4, 2024

සහල් සඳහා උපරිම මිලක් නියම කළ ගැසට් පත්‍රයත් රිවස් වෙයි

- Advertisement -

සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත් කිරීමට ඊයේ (27) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදි තීරණය වී තිබෙනවා.

ඒ අනුව ඉකුත් සැප්තැම්බර් මස 02 දින සහල් සඳහා උපරිම තොග හා සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා.

අවලංගු කරන ලද ගැසට් නිවේදනය තුළින් කීරි සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් ද, සුදු සහ රතු සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 103 ක් ද, සුදු සහ රතු නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් ද, සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 95 ක් ලෙස ද රජය විසින් උපරිම සිල්ලර මිල ගණන් නියම කර තිබුණා.

කෙසේ වෙතත් උපරිම මිලක් නියම කර තිබු ගැසට් නිවේදන අවලංගු කිරීමත් සමග සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබෙනවා.

වෙළෙඳපොළේ කිසිදු කෘතිම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම පිණිස මෙම තීරණය ගෙන ඇති බව කැබිනට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...