32 C
Colombo
Saturday, May 4, 2024

කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්ති මිල ඉහළ නොදැමීමට තීරණයක්

- Advertisement -

කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්තිවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් ඊයේ (27) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන නොමැති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් කොළඹ වරායේ සිරවී ඇති ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා මහ බැංකුවෙන් අවශ්‍ය මුදල් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

කිරිපිටි කිලෝව රුපියල් 200 කින් ද, කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 550 කින් ද, තිරිඟු පිටි කිලෝව රුපියල් දහයකින් සහ සිමෙන්ති කොට්ටයක මිල රු.50 කින් ද වැඩි කිරීමට අදාළ සමාගම් කර තිබු ඉල්ලීමට පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ලැබී තිබු පසුබිමක තවදුරටත් මෙම මිල ගණන් ඉහළ නොදැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම විශේෂත්වයක්.

ඩොලර් හිඟය සහ ලෝක වෙළද පොළේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් කිරිපිටි, ගෑස්, තිරිගු පිටි සහ සිමෙන්තිවල මිල ගණන් වැඩි කරන ලෙස මීට පෙරද ආනයනකරුවන් පාරිභෝගික අධිකාරියෙන් අවස්ථා ගණනවකදි ඉල්ලීම් කර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය සමයේ අදාළ මිල ගණන් ඉහළ නොදැමීම තුළ මේ වනවිට වෙළෙදපොළේ දැඩි කිරිපිටි සහ සිමෙන්ති හිඟයක් නිර්මාණය වී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...