27 C
Colombo
Friday, May 3, 2024

IPL 2021 – කලකට පසු සන්රයිස්ට සුපිරි ජයක්

- Advertisement -

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ 40 වන තරගය ලෙස ඊයේ (27) සන්රයිස් හයිද්‍රාබාද් හා රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම් අතර පැවති තරගය කඩුළු 07කින් ජයගැනීමට සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

ඒ කලකට පසු එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයි ක්‍රීඩාකළ විශිෂ්ඨ ඉනීම හේතුවෙන්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 164ක් පමණයි.

එහිදි රාජස්තාන් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක සංජු සැම්සන් පන්දු 57ක් තුළදි ලකුණු 82ක් ලබාගැනීමට සමත් වුණේ හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමගින්.

සන්රයිස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදි සිද්ධාර්ත් කවුල් සිය පන්දුවාර 04 තුළදි ලකුණු 36කට කඩුළු 02ක් ලබාගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ඇරඹු සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18.3 ක් තුළදි කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 167 ක් ලබාගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

එහිදි අගනා ඉනිමක් දියත් කළ එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයි පන්දු 42ක් තුළ ලකුණු 60ක් ලබාගත්තේ තරගේ වීරයා සම්මානයටද හිමිකම් කියමින්.

මෙම ජයග්‍රාහණයත් සමගින් සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙම තරගවාරයේ සිය දෙවැනි ජයග්‍රාහණය සනිටුවන් කළද, තරග 40ක් අවසානයේ තමන් ක්‍රීඩා කළ තරග 10න් 2ක් පමණක් ලබාගනිමින් ඔහු රැදී සිටින් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ.

කෙසේ වෙතත් මෙම පරාජයත් සමගින් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට පහසුවෙන් ඉදිරි වටයට පිවිසීමට තිබු අවස්ථාව අවධානමකට පෙරළි ඇති අතර ඔවුන් තමන් සහභාගි වන ඉදිරි තරග 04න් අවම වශයෙන් තරග 03ක් හෝ ජයගත යුතු තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

මේ වන විටත් සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඉදිරි වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වී ඇති අතර අනෙකුත් කණ්ඩායම් 07න් ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 04 දිනාගන්නා කණ්ඩායම් ඉදිරි වටයට පිවිසෙනු ඇතියි.

තරගාවලියේ මුලික වටයේ 41 වැනි තරගය අද මෙරට වේලාවෙන් අද පස්වරු 7.30ට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස්

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...