27 C
Colombo
Tuesday, May 7, 2024

රාජ්‍ය සේවය හෙට සිට සක්‍රීයයි

- Advertisement -

හෙට සිට රාජ්‍ය සේවය යළි සක්‍රිය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ඒ, අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්වලට ප්‍රමුඛතාව ලබාදෙමින්.

ඊට අදාළ සාකච්ඡාවක් ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඊයේ පවත්වා ඇති අතර ඒ අනුව හෙට රට විවෘත කිරීමත් සමඟ රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන්නේ.

මේ සඳහා වන චක්‍රලේඛය ද අද නිකුත් කිරීමට නියමිතයි.

කෙසේ නමුත්, ඇඳිරි නීතිය ඉවත් කළත් ඉදිරි සති දෙක තුළ කිසිදු දුම්රියක් ධාවනය නොකරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පළාත් බස්රථද ධාවනය නොකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරු ඉවත් වෙයි

යාපනයෙන් සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරියක් 2015 වසරේ දී පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින...

වසා දැමූ කිරි කම්හල වහා අරින්න

සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මරදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති විරෝධීව මුද්‍රා තැබීමෙන් කැකිරාව...

ව්‍යාපෘති 11ක වැඩ ඉක්මන්ට ඉවර කරන්න ප්‍රසන්නගෙන් උපදෙස්

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...