29 C
Colombo
Sunday, May 5, 2024

‘මැණිකේ’ අද නවදිල්ලියේ

- Advertisement -

කෝටි 13කට අධික යූ ටියුබ් නැරඹුම් වාර ගණනාවක් සහිත මැණිකේ මගේ හිතේ ගීතය අද (30) දින නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි, ධනවතුන් වෙසෙන ප්‍රදේශයක් වන ගුරුග්‍රෑම්හි දි ගැයීමට යොහානි දිලෝකා ද සිල්වා සූදානමෙන් සිටින බව India tv news වාර්තා කරනවා.

එම සංගීත සංදර්ශනය පවත්වන ගුරුග්‍රෑම් නගරයට සංගීත රසිකයන් අති විශාල පිරිසක්ද බොලිවුඩ් තරු , ඉන්දීය සිනමාවේ දැවැන්ත සංගීත ශිල්පීන් ඇතුළු විද්වතුන් විශාල පිරිසක් ද පැමිණෙනු ඇති බවයි මෙහි සංවිධායකයන් විශ්වාස කරන්නේ.

මෙම සංගීත ප්‍රසංගය අද දින සවස 6 ට පැවැත්වීමට නියමිත අතර මේ සඳහා අවශ්‍යවන ප්‍රචාරක කටයුතු රූපවාහිනී, පුවත්පත් දැන්වීම්, ටිකට්පත් අලෙවිය වැනි කටයුතු භාරදී ඇත්තේ එම ක්ෂේතයේ දැවැන්තයෙකු සහ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ‘බුක් මයි ෂෝ’ නමැති සමාගමටයි.

එමෙන්ම, ඔක්තෝබර් 3දා සවස 6 ට හයිද්‍රාබාද්හිදී ඇයගේ මීළඟ සංගීත සංදර්ශනය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම සංගීත ප්‍රසංග මාලාව හරහා ඇයට විශාල ජාත්‍යන්තර අවධානයක් හිමිවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...